ෆේස් බුක් තහනමෙන් ආණ්ඩුව හදන්නේ දඹුලු ගිහින් තලගොයිත් මරන්නයි

  👤  2879 readers have read this article !
By mawbima 2018-03-13

මහනුවරදී ජනතාව කුපිත වුණේ නීතිය සමානව ක්‍රියාත්මක නොවන බවට ජනතාවට ඇතිවූ හැඟීමෙන් බවත් තැළෙන යකඩය තළනවා මෙන් බෞද්ධයන්ට ‍ෙදාස් කීමෙන් සැබෑ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඔහු එම අදහස් පළ කළේ ඊයේ (12දා) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
එහිදී උදය ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.

මහනුවර ඇතිවුණු ගැටුම ඉවරයි. ඇඳිරි නීතියත් ඉවරයි. තව දවසකින් දෙකකින් හදිසි නිතියත් ඉවරයි. හැබැයි ෆේස්බුක් තහනම නම් ඉවර නැහැ. ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ. ආණ්ඩුව මේ හදන්නෙ දඹුලු ගිහිං තලගොයි මරන්නයි. වෛරී ප්‍රකාශ පාලනයට මුවාවෙලා ආණ්ඩු විරෝධය මර්දනය කරන්නයි. පසුගිය කාලයේ ආණ්ඩු විරෝධයේ උල්පත බවට සමාජ ජාල පත්ව තිබුණා. ඒ නිසා මේ ඇති වූ කලබලයට මුවා වෙලා සමාජ ජාල මර්දනය කිරීමේ වෑයමක යහපාලනය හා ප්‍රකාශන නිදහස ලබාදීමට පැමිණි ආණ්ඩුව නිරතවී සිටිනවා. මුළු රටම මහනුවර දෙස බලා සිටියදී කොළඹත්, ජීනීවාවලත් රණවිරුවන් පාවා දීමේ දැවැන්ත ඉදිරි පිමි 2ක් පනිමින් රණවිරු බිලි පූජාවකට කටයුතු සිදු වෙනවා. ඒ දෙකම මාර්තු 08 සිදු වුණා. ජිනීවාවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව සම්බන්ධව විශ්වීය අධිකරණ බලය හෙවත් යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් භාවිත කරන මෙන් සාමාජික රටවලින් ඉල්ලා සිටියා. යම් රටක සිදුවුණු අපරාදයක් සම්බන්ධයෙන් වෙනත් ඕනෑම රටකදී නඩු පැවරීමේ හැකියාවට තමයි විශ්වීය අධිකරණ ක්‍රියාවලියක් කියන්නෙ. ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරධ ගැන නඩු විභාගකරල දඬුවම් කිරීම ඔහුගේ අදහසයි.

ඒත් අපි ඉන්නෙ ශ්‍රී ලංකාවේ නිසා සුරක්‍ෂිතයි කියල රණවිරුවන්ට හිතෙන්න පුළුවන්. රණවිරුවා සුරක්‍ෂිත වුණේ පසුගිය මාර්තු 08 වැනිදා වනතුරු පමණයි. නමුත් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුම තැනැත්තන් ආරක්‍ෂා කර ගැනීමේ ජාත්‍යන්තර සම්මුති පනත වැඩි ඡන්ද 34කින් සම්මත වුණා. මෙය හමුදාව ඉලක්ක කරගත් ජාත්‍යන්තර සම්මුතියක්. නිමල්කා ප්‍රනාන්දු වැනි කොටි හිතවාදීන්ගෙන් සමන්විත අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට මුවා වෙලා හමුදාවට එරෙහිව නිෂ්පාදනය කරන සාක්‍ෂි පදනම් කරගෙන නෝර්වේ රටට පුළුවන් අපේ රණවිරුවන්ට විරුද්ධව නඩු අහන්න. ඒ සඳහා රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්න අපේ රට බැඳී සිටිනවා.
මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට උදය ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ෆේස්බුක් තහනම් කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

ෆේස්බුක් මඟින් වෛරය වැපිරූ බව කියමින් පාසල් ළමයින් දෙදෙනකු රක්‍ෂිත බන්ධනාගාර ගත කළ ආණ්ඩුව බෝම්බ 4ක් අතැතිව සිටි අයට ඇප ලබාගන්න ඉඩ දුන්නා. ෆේස්බුක් එකෙන් ලියන වචනය බෝම්බයටත් වඩා භයානකද කියල අපට මේ ආණ්ඩුවෙන් අහන්න සිදු වෙනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක නොවන නිසා ඇති වූ සැකය නිසයි ජනතාව නීතිය අතට ගන්න පෙලඹෙන්නෙ. ඒ නිසා නීතිය පිළිබඳ විශ්වාසය ගොඩනඟන්නෙ නැතිව පැලැස්තර අලවලා වැඩක් නැහැ.

මහනුවර ඇතිවූ සිද්ධියට චම්පික රණවක ඇමැතිවරයාටත් මේ ගැන චෝදනා නැඟෙනවා?

මහසෝන් බළකායට උදවු කරල තියෙනවද නැද්ද ආදී චෝදනාවලට ඒ චෝදනා එල්ල වන අය පිළිතුරු දිය යුතුයි. එහෙමෙ වුණොත් ඔහුගේ දේශපාලන සෞඛ්‍යට හොඳයි.
දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon