ඩයස්පෝරාවේ ක්‍රියා ගැන බි්‍රතාන්‍ය ආරක්ෂක ඇමැතිට වාර්තාවක්

  👤  3594 readers have read this article !
By mawbima 2018-03-12

බි්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ පසුගිය වසර තිහ පුරා ශ්‍රී ලංකාවේ හා ලෝකයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ හා දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියා සම්බන්ධයෙන් සැකසූ විශේෂ වාර්තාවක් එරට ආරක්ෂක ඇමැති ටෝබියස් එල්වුඩ් මහතාට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (11දා) භාර දී ඇත.

එංගලන්තයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම සභාපති ඉන්දික ගුණසේකර, ලේකම් මැණික් මාලියැද්ද, කමිටු සාමාජික මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් මඟින් මෙම වාර්තාව ආරක්ෂක අමාත්‍යවරයා වෙත භාර දී ඇත. ඔවුන් සඳහන් කරන්නේ පසුගිය දිනෙක බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට ඇති වූ සිද්ධියත් සමඟ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම වාර්තාව භාරදුන් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon