මෛත්‍රි ආපු ගමන් ඇමැති මණ්ඩලය වෙනස් වෙයි

  👤  3956 readers have read this article !
By mawbima 2018-03-12

ජනපතිගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් ඉදිරියේදී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතළ තීන්දුවක් ගන්නා බවත් ධීවර අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

විදේශීය සහල් දේශීය සහල් බවට පත්කොට වැඩි මිලට ජනතාවට අලෙවි කිරීමේ ක්‍රියාවලියක්ද සිදුවන බව ඇමැතිවරයා අනාවරණය කරයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සංවිධානය කොට තිබූ මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (11දා) දහවල් එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

බොහෝදුරට පාර්ශ්ව දෙකකින් ඉල්ලීම් පවතින බවත් එක් පාර්ශ්වයක් සම්පූර්ණයෙන්ම සමාජ වෙබ් අඩවි තහනම් කරන ලෙසත් අනෙක් පාර්ශ්වය පාලනයක් කරන ලෙසත් ඉල්ලා ඇති බව කී ඇමැතිවරයා සමාජ ජාලා වෙබ් අඩවි චීන රටේ තහනම් කොට ඇති බවද පෙන්වා දුන්නේය. ලංකාව තුළ බොහෝ දුරට නීති පැනවීමට හැකිවන පරිදි සමාජ ජාලා වෙබ් අඩවි ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද හෙතෙම අවධාරණය කළේය.

සමාජ ජාල වෙබ් අඩවි හරහා සහ මුහුණු පොත හරහා ජනාධිපතිවරයා ඇතුළු රටේ බහුතරයකට අපහාස වන අන්දමින් ක්‍රියාත්මක වන බවත් බොහෝ දෙනාගේ චරිත ඝාතනය කිරීම් නිසා මේ තත්ත්වය ඉදිරියට මැඬ පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති අණපනත් සකසන බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon