ලක්සලේ හිටපු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂට එරෙහිව අල්ලස් කොමිසභ අධිකරණය හමුවේ චෝදනා ගොනු කරයි

  👤  3679 readers have read this article !
By mawbima 2017-07-17

කේ.එස්. උදය කුමාර්

රජයේ නිසි ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් 'ලක්සල' වෙළෙඳසලක් පවත්වාගෙන යෑම සඳහා අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් එම ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිවීර පෙරේරා යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගියදා චෝදනා ගොනු කළේය.

අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍රවලින් සඳහන් කර තිබෙන්නේ 2011 වසරේ ඔක්තෝබර් මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ජාතික කෞතුකාගාර භූමිය තුළ ලක්සල අලෙවිසලක් පවත්වාගෙන යෑම සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට විත්තිකරුවන් තීරණය කළ බවයි.
එහිදී රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් එම ඉදිකිරීම් කටයුතු පෞද්ගලික සමාගමට ලබාදීම තුළින් විත්තිකරුවන් රජයට පාඩුවක් සිදුකර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍රවල සඳහන් වේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 14 දෙනකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 16ක් අල්ලස් කොමිසම මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්