ආනමඩුවේ පිලිස්සූ හෝටලය හදන්න පොලිසියත් ගැමියොත් එක්වෙති

  👤  3684 readers have read this article !
By mawbima 2018-03-12

චාමර අමරසූරිය

යතුරුපැදි හතරකින් පැමිණි නාඳුනන කල්ලියක් එල්ල කරන ලද පෙට්රල් බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ ආණමඩුව මදීනා හෝටලය ඊයේ (11දා) රාත්‍රිය වනවිට පිළිසකර කර යළි ව්‍යාපාර කටයුතු ඇරැඹීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියා කර තිබේ.

ඊයේ (11දා) අලුයම 2ට පමණ යතුරුපැදි හතරක පැමිණි නාඳුනන කල්ලියක් මෙම ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබිණි.
මෙම ප්‍රහාරයෙන් එම වෙළෙඳසලට දැඩි අලාභ හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිදුවීමත් සමඟම දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව ඊයේ දවස තුළ නැවත මේ වෙළෙඳ ස්ථානය තිබූ තත්ත්වයට පත් කර එය විවෘත කරන බවත් පැවැසීය. ආණමඩුවේ 250කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් මෙම වෙළෙඳසල ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණ ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ දේශපාලන පක්‍ෂවල සභිකයන්, පොලිසියද, ආගමික නායකයෝද මේ අවස්ථාවට එක්වී සිටියහ.
ප්‍රහාරයට පැමිණි මෝටර් සයිකල්කරුවන්ගේ දර්ශන සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇති බව පොලිසිය පැවැසීය.

ආණමඩුව පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon