මුස්ලිම් මැති-ඇමැතිවරුන් 21ක් රටට කියන්න යන්නෙ මොකක්ද?

  👤  3683 readers have read this article !
By mawbima 2018-03-12

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

පවතින දේශපාලන හා අනෙකුත් තත්ත්වයන් හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන් 21 දෙනකු තීරණය කර ඇත.

මේ 21 දෙනා අද (12දා) හෝ හෙට (13දා) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තම ස්ථාවරය රටට ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

මහනුවර ඇතිවූ සිද්ධි, මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව, මේ සිද්ධියේදී ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග, ආණ්ඩු නියෝජනය කරන මුස්ලිම් ජනතා නියෝජිතයන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු රැසක් මෙම මාධ්‍ය හමුවේදී රටට හෙළි කරන බවද මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon