ජාතිවාදය වැපුරූ ෆේස්බුක් සිසුහු දෙදෙනෙක් දැලේ

  👤  3704 readers have read this article !
By mawbima 2018-03-12

චාමර අමරසූරිය

ෆේස්බුක් භාවිත කරමින් ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 9 සහ 10 වන දෙදින මෙම සැකකාර සිසුන් දෙදෙනා මෙලෙස ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් භාවිත කරමින් මෙම ක්‍රියාවන් සිදු කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකාර සිසුන් දෙදෙනා මිනුවන්ගොඩ සහ හෝමාගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් ඊයේ (11දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනි දින දක්වා මාකොළ තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසට නියෝග කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon