පෙරියකුලම් වැවට පස්දෙනෙක් බිලිවෙති

  👤  3827 readers have read this article !
By mawbima 2018-03-12

ත්‍රිකුණාමලය පෙරියකුලම් වැවේ ඊයේ (11දා) පෙරවරුවේ නෙලුම් මල් කැඩීමට ගිය දරුවන් හතරක් සමඟ දරුවන්ගේ පියාද දියේ ගිලී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලක සහෝදරයන් තිදෙනකුගේ දරුවන්ය. ඒ අතර ගැහැනු දරුවන් දෙදෙනකු සහ පිරිමි දරුවන් දෙදෙනකු වෙති. මියගිය අය නිලාවෙලි පදිංචිකරුවෝය.

ඊයේ (11දා) පෙරවරුවේ පෙරියකුලම් වැවේ ඉස්මත්තේ පිහිටි කෝවිලේ පූජාව සඳහා මෙම පිරිස නෙලුම් මල් කැඩීමට වැවේ තිබූ ඔරුවක නැඟී ගොස් ඇති අතර ඔරුව පෙරළීමෙන් දියට වැටුණු දරුවන් පස්දෙනා සමඟ පියාද දිගේ ගිලී තිබේ. ඔරුව පෙරළී මෙම පිරිස දියේ ගිලෙනු දුටු කාන්තාවක් කෑ ගසා ඇති අතර එම අවස්ථාවේ ගිලුණු දරුවන්ගෙන් එක් දරුවකු බේරා ගැනීමට වැවේ දිය නෑමට ගොස් සිටි වෙල්ගම් වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිරෝෂන් අබේවික්‍රම මහතාට හැකිවී තිබේ.
අනතුරුව සෙසු පිරිස බේරා ගැනීමට ප්‍රදේශවාසීන් උත්සාහ දරා ඇති නමුත් දරුවන් සිවු දෙනකු සහ පියා මියගොස් තිබිණි. බේරාගත් දරුවා නිලාවේලි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය අයගේ සිරුරු නිලාවේලි ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ නිලාවේලි ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. තංගරාසා (43), ඔහුගේ දියණිය වන කුඹුරුපිඩ්ඩි මෙතෝදිස්ත විදුහලේ ඉගෙනුම ලබන ටී. සංගවී (09), තංගරාසාගේ සොහොයුරකුගේ දරුවන් වන ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විදුහලේ ඉගෙනුම ලබන කේෂන් රාජ් (08) සහ සුදේශන් රාජ් (06) සහ නිලාවේලි රෝමානු කතෝලික විදුහලේ ඉගෙනුම ලබන එස්. පෙරතවි (07) යන අයයි.

සිද්ධිය ඇසින් දුටු නිරෝෂන් අබේවික්‍රම මහතා මෙසේ කීය." මම නාන්න ගියා අම්මා එක්ක. ඒ වෙලාවේ ගැහැනු කෙනෙක් ඔරුව පෙරළිලා දරුවන් බේර ගන්න කියලා කෑ ගැසුවා. මම වතුරට පනින කොට දරුවන් දෙන්නෙක් විතරක් ඔරුව අල්ලගෙන හිටියා. අනෙක් අය පේන්න හිටියේ නැහැ. ඔරුව ළඟට පීනලා යද්දී එක් දරුවකු දිගේ ගිලුණා. මම ඉතිරි දරුවා බේරා ගෙන ගොඩට අරන් ආවා. ඊට පස්සේ ගමේ අයයි හමුදාවේ අයයි පැනලා සෙසු අයව අරගත්තා" යැයි පැවසීය.
මෙම අනතුරින් පවුෂානි නමැති හය හැවිරිදි දැරිය දිවි බේරාගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon