පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මැරූ දෙදෙනකුට ලක්ෂයක දඩයක්

  👤  3676 readers have read this article !
By mawbima 2017-07-17

අනුරාධා හේරත්

පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් මරන ලද මසුන් අලෙවි කිරීම හා ළඟ තබා ගැනීමට කටයුතු කළ පුද්ගලයන් දෙදෙනකුට අධිකරණය මඟින් රුපියල් 50,000 බැගින් දඩ මුදලක් නියම කර තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් හා විමර්ශන ඒකකය විසින් පසුගියදා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයේ කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.
එම සැකකරුවන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් එක් අයකුට රුපියල් 50,000 බැගින් රුපියල් 100,000ක් දඩ මුදලක් නියම වූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය වැඩිදුරටත් පැවැසුවේ ධීවර සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද බලපත් සහිත ධීවර කාර්මිකයන් පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම කළහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon