බැද්දගාන කෘත්‍රිම පාපන්දු ක්‍රීඩා පිටිය විවෘත කරමින් ක්‍රීඩා ඇමැතිගෙන් පාපන්දු සම්මේලනයට ප්‍රහාරයක්

  👤  3525 readers have read this article !
By mawbima 2018-03-12

කෘත්‍රිම තණතිල්ලකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු පාපන්දු පිටිය පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අතින් බැද්දගානේදී විවෘත කෙරුණු අතර ෆීෆා සංගමයේ මූල්‍යාධාරවලින් බැද්දගාන ස්වාභාවික පාපන්දු පිටිය මෙලෙස කෘත්‍රිම පිටියකට නවීකරණය කොට ඇත. මේ සඳහා කෝටි 7.5ක පමණ මුදලක් වැය වී තිබේ.
එම අවස්ථාවට පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා, ලේකම් ජස්වර් උමාර් මහතා, විධායක නිලධාරීන් සහ ප්‍රාදේශීය ලීගයන් නියෝජන කරමින් නිලධාරීන් සහභාගි විය. මෙම කෘත්‍රිම පාපන්දු පිටියට අමතරව ක්‍රීඩකයන් 40 දෙනකුට සහ නිලධාරීන් 15 දෙනකුට නවාතැන් පහසුකම්වලින් යුත් පුහුණු මධ්‍යස්ථානයක්, ශාරීරික පුහුණු මධ්‍යස්ථානයක් හා ශ්‍රවණාගාරයක් මීට පෙර මෙහි ස්ථාපිත කර තිබිණි.

එහිදී අමාත්‍යවරයාගේ නායකත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ගේ කණ්ඩායම් අතර සුහද පාපන්දු තරගයක්ද පැවැත්වුණු අතර එම තරගයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ කණ්ඩායමට ගෝල 6-1ක ජයග්‍රහණයක් හිමිවිය.

වසර 10ක පමණ කාලයක් කිසිදු අපහසුවකින් තොරව මෙම පිටිය තුළ ක්‍රීඩා කිරීමට හැකියාව ඇති බවත් මෙය තුළින් පාපන්දු ක්‍රීඩකයන්ගේ තාක්ෂණික දියුණුවට අත්වැලක් ලබාගැනීමට හැකියාව ඇති බවත් උත්සව සභාව ඇමැතූ පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon