රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙල

  👤  3864 readers have read this article !
By mawbima 2018-03-12

චාමිණී ගම්මන්පිල

රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙල මාර්තු 24 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.
එහිදී පිරිනැමෙන රූපවාහනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 19 හා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 18 සඳහා නිර්දේශිත නාම 121ක් ප්‍රසිද්ධ කිරීමේ උළෙල පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සම්මාන උළෙල සංස්කෘතියේ විප්ලවීය වෙනසක් සිදුකරමින් මීට වසර 5කට පෙර සම්මාන සඳහා නිර්දේශිත නාම කල් ඇතිව ප්‍රසිද්ධ කිරීමේ උත්කර්ෂවත් උළෙලක් පැවැත්වීම රයිගම් ටෙලීස් විසින් හඳුන්වා දෙන ලදී.

ලෝකයේ බොහෝ පිළිගත් සම්මාන උළෙලවලදී මෙවැනි නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උළෙලක්ද පවත්වන්නේ නිර්දේශ ලබන ශිල්පීන් විශාල සංඛ්‍යාවක් අතරින් සුළු පිරිසක් පමණක් අවසාන උළෙලේදී ඇගැයීමට ලක්වන බැවින් නිර්දේශ ලබන සියලු කලාකරුවන් ඇගැයීමට අවස්ථාවක් උදාකර දීමයි.එය කලාකරුවන් ඇගැයීමක පමණක් නොව නිර්දේශිත කලාකරුවන් සඳහා සාධාරණත්වය ඉටුකිරීමක්ද වෙයි.
2017 සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතරින්
කිහිපයක් මතු දැක්වෙයි.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
චිත්‍ර කාමරය - ඉමාලි ආරියවංශ (සියත ඊඍ)
ජ්භද ඉබපඥඥබ - හේෂාන් වසන්ත (ධ්ඊව්)
දැනුම අපේ සම්පතයි - පී. කුලරත්න (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන
සිරස ලක්ෂපති - සමිත් රංගික (සිරස ඊඍ)
ඡ්ජධද ධ්ජධද - දන්තිකා මැණිකේ (සිරස ඊඍ)
සිරස පෙන්ටත්ලන් ඉඥචඵධද 2 - පුළිඳු මිස්සක (සිරස ඊඍ)
වසරේ නිර්මාණාත්මක රියැලිටි වැඩසටහන
කධභබඩ එඪබඩ ඊචතචදබ - සඳරුවන් ජයවික්‍රම (ධ්ඊව්)
දෙරණ ඉබචප ඛ්ඪබර - ඉඥචඵධද ඪඪ - සුබෝදනී කරුණානායක (ඊඍ දෙරණ)
දෙරණ ච්පඥචථ ඉබචප - ඉඥචඵධද ඪම - ක්‍රිෂාන්ති රාජිකා (ඊඍ දෙරණ)
වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක - සිංහල
ශ්‍රී හාන් කණිෂ්ක ආරියසිංහ (ධ්ඊව්)
නදීක කරුණානායක (ස්වර්ණවාහිනි)
ධනුෂ්ක සෙනෙවිරත්න (සිරස ඊඍ)
වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල
සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය
ඔමායා කෝවිලගොඩගේ - සිරස ඊඍ
වසන්ති නානායක්කාර - ඊඍ දෙරණ
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
අමරසිරි පීරිස් - මිල්ලෑව වලව්ව (ධ්ඊව්)
තුසිත් සිම්ප්සන් - පත්තිනි (හිරු ඊඍ)
සමන් ලෙනින් - එළිය කන්ද (ධ්ඊව්)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
නිරෝෂා විරාජිනී - මේ මමයි (ධ්ඊව්)
ඉන්දිකා උපමාලි - සී රජ (ස්වර්ණවාහිනි)
නෙලූ අධිකාරි - අනන්තා (ස්වර්ණවාහිනි)
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
අනුරාධ මල්ලවාරච්චි - ඊ 20 (ධ්ඊව්)
මයුර කාංචන - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනි)
දිනේෂ්ද සිල්වා - ප්‍රාණ (ධ්ඊව්)
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
බුවනි චාපා - මේ මමයි (ධ්ඊව්)
අමාපානි ගල්මංගොඩ - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනි)
නයනතාරා වික්‍රමආරච්චි - ප්‍රාණ (ධ්ඊව්)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
ජැක්සන් ඇන්තනී - සී රජ (ස්වර්ණවාහිනි)
අරුණ ප්‍රේමරත්න - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනි)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
ශ්‍යාම් ප්‍රනාන්දු - සී රජ (ස්වර්ණවාහිනී)
රොෂාන් රවීන්ද්‍ර - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනි)
මහේන්ද්‍ර පෙරේරා - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනි)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
නදී කම්මැල්ලවීර - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනි)
චාන්දනී සෙනෙවිරත්න - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනි)
හිමාලි සයුරංගි - ප්‍රාණ (ධ්ඊව්)
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය
සී රජ - ඛ්පඥචබඪමඥ ඩ්ඥතචදඬච (ස්වර්ණවාහනි)
බැද්දේ කුලවමිය - ෆාහිම් මවුජුඩ් (ස්වර්ණවාහිනි)
ඡායාරූප - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon