දේශප්‍රේමීන් යැයි කියා ගන්නා පිරිසක් ගෙවල් ඉදිකරනවා වෙනුවට ගෙවල් ගිනි තියනවා

  👤  3701 readers have read this article !
By mawbima 2018-03-12

නිවාස ගැටලුවෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25කට උපකාර කිරීම සඳහා සහාය වන ලෙස මැදපෙරදිග දානපති ආයතනයකින් තමන් කළ ඉල්ලීමක් අනුව මීට දෙසතියකට පෙර එම ආයතනය සමඟ ගිවිසුමක් අස්සන් කළේ රටේ සෑම දිස්ත්‍රික්කයකටම නිවාස ණය හා නිවාස ආධාර ලබාදීමේ අපේක්ෂාවෙන් බවත්, එහෙත් පසුගිය දිනවල ඇති වූ සිදුවීම් හේතුවෙන් රටට ලැබෙන්නට තිබූ සැලකිය යුතු ආධාර ප්‍රමාණයක් අහිමි වී ගිය බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකශ කරයි.
ගම්වල වෙහෙර විහාර, දහම් පාසල් ආදිය ඉදි කළා කියා ඡන්ද නොලැබෙන බවට අත්දැකීම් තමන් හම්බන්තොටින් ලබා තිබෙන බවත් ඒ නිසා ජාති, ආගම් භේද අවුස්සා ඡන්ද ලබාගැනීමට මෙම සිද්ධීන් පසුපස අප සියලු දෙනා දන්නා දේශපාලන හස්තයක් ඇති බව තමන් පැහැදිලිවම ප්‍රකාශ කරන බවත් සඳහන් කරන අමාත්‍යවරයා එම හස්තය විසින් මෙම ඝාතන, ප්‍රචණ්ඩ හා මංකොල්ලකාරී ක්‍රියාවන් සිදුකර ඇතැයිද ඔවුන් ඊට විශාරදයන් යැයිද සැබෑ බෞද්ධයන් මෙවැනි හිංසාකාරී ක්‍රියාවල නිරත නොවන බවත් පෙන්වා දෙයි.

යහපාලන ආණ්ඩුව ආරම්භ කළ 'යළි පිබිදුණු උදා ගම්මාන' වැඩපිළිවෙළ යටතේ 48 වැනි උදා ගම්මානය මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, කිතුල්කොටේ ප්‍රදේශයේ ඉදි වූ 'හෙළසිහගම'ආදර්ශ ගම්මානයයි.

හෙළසිහගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පවරමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
නව නිවාස 22කින් 'හෙළසිහගම' උදා ගම්මානය සමන්විත වෙනවා. මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 156ක පමණ මුදලක් වැය කර තිබෙනවා. මෙම ගම්මානයට පැමිණෙන පාර දෙපස පොල් අතු සෙවිලි කළ තවත් නිවාස කිහිපයක් ඇති අයුරු මා දුටුවා. එහි නිවාස 14ක් පමණ තිබුණා. එම නිවාසත් අංග සම්පූර්ණව ඉදිකර අවසන් කරන්නැයි මා අපේ දිස්ත්‍රික් කළමනාකාරතුමන්ට එම මොහොතේදීම උපදෙස් ලබා දුන්නා. මෙම ගම්මානයේ නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ලබාගෙන තිබෙන්නේ වලස්කන්ද ආරණ්‍ය සේනාසනයේ නායක මාහිමිපාණන් වහන්සේගේ සහයෝගය මතයි.

උන්වහන්සේගේ සහයෝගය මත ඉඩමක් සහ නිවෙසක් නොමැති අසරණ පවුල් 22කට අද ඉඩම් සහ නිවාස ලබාදෙන්නට හැකි වීම සතුටට කරුණක්.
මා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වගකීම භාර ගත්තේ 2015 වසරේ ජනවාරි මස 12 වැනිදායි. මගේ උපන් දිනයද එදිනයි. එදා සිට අද දක්වා වසර 3ක පමණ කාලයක් ගත වන මොහොතේ මුළු රටේම උදා ගම්මාන 567ක ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙනවා. අපේ ඉලක්කය වසර 2020 වන විට රටේම නව උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි. මෙම වසරේ අපගේ ඉලක්කය ගම්මාන 650ක කටයුතු ආරම්භ කිරීමයි. මේ මොහොතේ මා ආනන්ද කුමාරසිරි පාර්ලිමේන්තු මන්ත්‍රිතුමන්ටත්, අනෙකුත් ප්‍රාදේශීය මන්ත්‍රිවරුන්ටත්, මෙම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ටත් අභියෝගයක් කරනවා. එනම් මෙම කොට්ඨාසයට උදා ගම්මාන 100ක් ලබාදීමට මා සූදානම්. ඔබේ වගකීම වන්නේ අවශ්‍ය ඉඩම් සොයා බලා නියමිත පරිදි ප්‍රතිලාභීන් තෝරා ගෙන එම වැඩපිළිවෙළ සාර්ථක කිරීමට කටයුතු කිරීමයි. ඒ හරහා මගේ පියාණන්ගේ 'කතරගම ගම්උදාව' සහ 'බුත්තල ගම්උදාව' යටතේ ඉදිකළ ගම්මාන ගාණට වඩා වැඩි උදා ගම්මාන සංඛ්‍යාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයේ සෑදීමට මා සූදානම් බව සතුටින් යුතුව ප්‍රකාශ කරනවා. ඒ සඳහා ඔබ අප සියලු දෙනාම එක්විය යුතුයි.

මෙම වසර ඓතිහාසික වසරක්. මෙම වසරේදී වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් සම්පූර්ණ වෙනවා. එම සටන මෙහෙයවූ ජාතික නායකයන්ට කරන ගරු කිරීමක් ලෙස ඔවුන්ගේ අභිමානය තවදුරටත් ඉතිහාස පොතේ සටහන් වන ලෙස එම නායකයන්ගේ නාමය සුරැකීමට අප මෙම වසරේ විශේෂ උදා ගම්මාන වැඩසටහනක් මොනරාගල දිස්ත්‍රික්කයේ උප දිසාපති කොට්ඨාස 11 හිම ආරම්භ කරනවා.

අද එක පිරිසක් තමන් දේශප්‍රේමී යැයි කියා ගනිමින් රටේ නිවාස ඉදි කරනවා වෙනුවට නිවාස ගිනිබත් කරනවා. ජාති, ආගම් භේද ඇති කරනවා. මොවුන්ගේ සටන් පාඨය වී ඇත්තේ බුදු සසුන කෙලසෙනවා යන්නයි. අද රජයේ ප්‍රතිපත්තිය තුළ ලෝකයේ රටවල් අපේ රණවිරුවන්ට අත තබන්නේ නැහැ. එය අප සිදු කළේ ලොව අනෙක් රටවල් සමඟ ගහ මාරාගෙන නෙවෙයි. අප එය සිදු කෙළේ සුවිශේෂී විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා සිටයි. අද අපේ රට අධිරාජ්‍යවාදී බලවේගවලට යටපත් වී නැහැ. අද ඇති වී තිබෙන ජාති, ආගම් කෝලහල නිසා අප මේ ලබාගත් ජයග්‍රහණය පලදු වීමට පටන්ගෙන තිබෙනවා. මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ තම දෛ්ශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන ඉතා සුළුතරයක් නිසයි.

මෙම පිරිසගේ අරමුණ කෙටි මාර්ගයකින් නැවත අරලියගහ මන්දිරයට හෝ ජනපති මන්දිරයට යෑමයි.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon