සූර්ය බල සමුළුවේ පණිවිඩය ලෝකයටම රැගෙන යන්න එක් වන්න

  👤  3627 readers have read this article !
By mawbima 2018-03-12

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර හමුවක් රාෂ්ට්‍රපතිභවන්හිදී පැවැත්විණි.

සූර්ය බලශක්ති සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වය මහත් ගෞරවයක් බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර සූර්ය බල සමුළුවේහි පණිවුඩය මුළු ලෝකයට රැගෙන යෑමට එක්ව කටයුතු කිරීමට සහාය දක්වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මේ අවස්ථාව සඳහා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද දෙරටේ තානාපතිවරුද එක්ව සිටියහ.
මේ හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්‍ෂ එරික් සොල්හයිම් මහතා අතර හමුවක්ද පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon