අපි සූර්ය බල සංග්‍රාමය ඇරැඹුවා

  👤  3552 readers have read this article !
By mawbima 2018-03-12

ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව, නිල්වන් පවිත්‍ර මිහිතලයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ප්‍රබල පිටිවහලක් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර, රාෂ්ට්‍රපතිභවන්හිදී ඊයේ (11දා) පෙරවරුවේ පැවැත්වුණු ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවැසීය.

සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ බලශක්ති අර්බුදය ලොව දියුණු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද බලපා ඇති බවත් ඊට පූර්ව සූදානමක් ලෙස සූර්ය බල සංග්‍රාමය නම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ මේ වනවිටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත්ය.
මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වසර වනවිට මෙගාවොට් දහසක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකිවනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට උපයෝජනය සඳහා මෙගාවොට් 1-10 දක්වා වූ ධාරිතාවකින් යුතු සූර්ය බළගාර පිහිටුවීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දැනටමත් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවද සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැකේ‍රාන් මහතා විසින් සංවිධානය කළ මෙම සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ලොව රටවල් රැසක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon