අත්‍යවශ්‍ය ඔෟෂධවල හිඟයක්

  👤  3553 readers have read this article !
By mawbima 2018-03-12

උදයන්ති මුණසිංහ

හෘද රෝග, පිළිකා, වකුගඩු, ශ්වසන රෝග සහ විටමින් උෟනතා සඳහා අත්‍යවශ්‍ය ඔෟෂධ හිඟයක් මේ දිනවල පවතින බව රජයේ රෝහල්වලින් වාර්තා වේ.
රාජ්‍ය ඔසුසල්වලින් සහ පෞද්ගලික ඔෟෂධහල්වලින්ද මෙම ඔෟෂධ මිලදී ගැනීමට නොමැති බව දැන ගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් අප විමසීමක් කළද ඔවුන් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරු ලබා නොදුනි.

ලැබී ඇති තොරතුරුවලට අනුව ඒතටචජචතජඪඤධත ඛ්චනඵභතඥඵ, ඕතඥධථරජඪද ධ්දණඥජබඪධදඵ, ඛ්චනඥජඪබචඡඪදඥ ඊචඡතඥබඵ, ඛ්චපඡධනතචබඪද ධ්දණඥජබඪධදඵ, ඛ්ඩතධපචථඡභජඪත ඊචඡතඥබ, ඛ්රබචපචඡඪදඥ ධ්දණඥජබඪදඵ, ච්චජචපඡචලඪදඥ ධ්දණඥජබඪධද, ච්ඥයබපධඵඥ ධ්දණඥඥබඪධදඵ 50%, ඩ්භථචද ඒතඡභථඪද ධ්දණඥජබඪධදඵ, ඩ්රඤපධයරභපඥච ඛ්චනඵභතඥඵ, ධ්ථඪනඥදඥථ ධ්දණඥජබඪධදඵ, ධ්නපචබපධනඪභථ ඕපධථඪඤඥ අඥඵනඪපචබධපර ඉධතභබඪධදඵ, ර්ඥපඥචනබධනභපඪදඥ ඊචඡතඥබඵ, ර්ඥඵචතචලඪදඥ ඊචඡතඥබඵ, ර්ධපනතඩඪදඥ 10ථඨ ඊචඡතඥබඵ, ව්ඪජධපචදඤඪත ඊචඡතඥබඵ, ර්ණීපබඩධ - ර්ථීඩබඩචතචඤඥඩරඤඥ ච්ඪඵඪදටඥජබචදබ ඉධතභබඪධද, ඊපචථචඤධත ධ්දණඥජබඪධදඵ, ඊපචදඥයචථඪජ ඒජඪඤ ඛ්චනඵභතඥඵ ඍඪදජපඪඵබඪදඥ ධ්දණඥජබඪධදඵ චදඤ ඛධතඥඤපධදඪජ ඒජඪඤ ධ්දණඥජබඪධදඵ යන ඔෟෂධ හිඟ තත්ත්වයේ පවතින බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් 'මව්බිම' කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ලොකු ඔෟෂධ හිඟයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔෟෂධ සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටියගෙන් විමසන ලෙසත්ය.
ඒ අනුව වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ වර්තමානය වන විට රෝහල්වල ඔෟෂධ වර්ග කීපයක හිඟයක් පවතින බවයි. එසේම ඔෟෂධ හිඟය ඇති රෝහල්වලට වැඩිපුර ඔෟෂධ ඇති රෝහල්වලින් තොග ලබා දීමට කටයුතු කර තිබෙන බව ඔහු කීය.

එමෙන්ම ඔෟෂධ හිඟය ඇති වී ඇත්තේ ඔෟෂධ සමාගම්වලින් මෙරටට ඔෟෂධ ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන් බවද ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් මෙරටට ඔෟෂධ බෙදාහරින නියෝජිතයන් සඳහන් කළේ ඇණවුම් කරන ලද බෙහෙත් ගෙන්වීමට රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව අනුමැතිය ලබාදීම ප්‍රමාද කරනා බවයි.
මේ පිළිබඳව විමසීමේදී රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එම්.එච්.එම්. රූමි මහතා සඳහන් කළේ ඔෟෂධ නියෝජිතයන් නගන එම චෝදනාව පදනම් විරහිත බවත් ඔෟෂධ සැපයුම්කරුවන්ගේ ප්‍රමාද වීම් නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවත්ය.

රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව වශයෙන් සෑම ඔෟෂධයක්ම අඩුපාඩුවකින් තොරව ගෙන්වීමට කටයුතු කරන බවත් රජයේ ක්‍රියාපටිපාටියන් නිසි ලෙස අනුගමනය කරමින් ඔෟෂධ ඇණවුම් සඳහා නිසි ලෙස අනුමැතිය ලබාදෙන අතර කිසිම අයුරකින් එම ඇණවුම් නතර කිරීමට කටයුතු නොකළ බවත් ඔහු සඳහන් කළේය. සෑම දිනයකම ඔෟෂධ සංස්ථාවේ කමිටුවක් රැස් වී ඔෟෂධ සම්බන්ධ ගැටලු පිළිබඳව සාකච්ඡා පවත්වා ඒවාට විසඳුම් ලබාදෙන බවත් කිසිදු ඔෟෂධයක් අඩුපාඩුවකින් තොරව ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා තම සංස්ථාවට දැනුම්දී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon