ගම්පහ මහ රෝහලේ විදුලිය විසන්ධි වීමෙන් රෝගීන් ඇතුළත් කිරීම නවතී

  👤  3578 readers have read this article !
By mawbima 2018-03-12

ගම්පහ - කේ.ඒ. සිසිර කුමාර,
උපතිස්ස පෙරේරා

ගම්පහ මහ රෝහලේ විදුලිය විසන්ධි වීම, එනිසා නිරතුරුවම සෝපානය ක්‍රියාවිරහිත වීම, විදුලි ජනක යන්ත්‍රය බොහෝවිට අක්‍රිය වීම හේතුවෙන් රෝගී ජීවිත මෙන්ම කාර්ය මණ්ඩලයේ ජීවිත අවදානම් වීම පිළිබඳ බලධාරීන්ට කළ පැමිණිලි නොසලකා හැරීම නිසා එම රෝගීන්ගේ ආරක්ෂාව තකා එම රෝහලට රෝගීන් ඇතුළත් කිරීම වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් සිකුරාදා (09දා) පෙරවරුවේ සිට අත්හිටුවා තිබේ.
විදුලිය ඇනහිටීම හේතුවෙන් ඉකුත් 8 වැනිදා එම රෝහලේ සෝපානය හිරවීමෙන් එහි සිටි පිරිස ඉවතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ සිදුවූ අනතුරකින් කඩවත සූරිගම ධනුෂ්ක

සෙනෙවිරත්න නමැති කොළඹ වරාය සේවකයකු මියයෑමෙන් පසු රෝගීන්ගේ ජීවිතාරක්ෂාව සඳහා මෙසේ රෝගීන් භාරගැනීම අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයෙක් "මව්බිම"ට පැවැසීය.
මීට පෙරද හදිසියේ විදුලිය ඇනහිටීම නිසා අනතුරුදායක අවස්ථා කිහිපයකට මුහුණදීමට සිදුවූ බවත් විදුලි පන්දම් උපයෝගි කරගෙන සැත්කම් කිරීමට සිදුවූ බවත් හෙතෙම පැවැසුවේය.

බලධාරීන් මේ පිළිබඳව නොසලකා හැරීම නිසා ඊට එරෙහිව වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවක සේවිකාවෝ ඉකුත්දා දහවල් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයකද
නිරත වූහ. මේ පිළිබඳව විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ කිරීමට අප දැරූ ප්‍රයත්නය අසාර්ථක විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon