වඩු කාර්මික ශිල්පී මිලාන් සුබසිංහගේ වකුගඩු බද්ධයට ආධාර පතයි

  👤  3642 readers have read this article !
By mawbima 2018-03-12

කටුගම්පොළ - පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දම්පාලිය, යක්විල ලිපිනයෙහි පදිංචි එස්.ඩී. මිලාන් සුබසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. දක්‍ෂ වඩු කාර්මික ශිල්පියකු වන මොහුට රැකියාවක් කර ගැනීමට නොහැකිව අද ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටී. මොහු සුවපත් කර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය එස්. මාතු මහතා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇත. ජීවිතය අයදින මොහු වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලියකුගේ සහාය පතයි. මොහුගේ ලේ පිරිසුදු කිරීමේ හා දිවි පවත්වා ගැනීම සඳහා පින් කැමැති ඔබගේ ආධාර මුදල් ඔහුගේ බිරියගේ නමින් කුලියාපිටිය මහජන බැංකුවේ ආරම්භ කර ඇති ජේ.එච්. රේණුකා නිලන්ති ජයමහ, අංක 028200190049428 දරන ගිණුමට බැර කරවන ලෙසද අයැද සිටී. මිලාන් සුබසිංහ මහතාගේ 0771106364 යන දුරකතන අංකයට කතා කර වැඩි විස්තර දැනගත හැකිය.
කටුගම්පොළ -

කිත්සිරි කරුණාරත්න වැවගම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon