ගෙවතු වගා ප්‍රවර්ධනයට ජාතික වැඩපිළිවෙළක්

  👤  3654 readers have read this article !
By mawbima 2017-07-17

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම පවුලේ පෝෂණය, සුරක්ෂිතතාව පිළිබඳ අවධානය යොමු කිරීම සහ කාන්තාවන්ට ස්වයං රැකියාවල නියුක්ත වීමේ ඉඩ සැලැසීම මේ වැඩසටහනේ මූලික අරමුණ වෙයි.
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා දිස්ත්‍රික් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මධ්‍යස්ථාන 10ක් ආශ්‍රිතව ක්‍රමවේද 3ක් අත්හදා බලමින් පර්යේෂණ සිදුකෙරේ.

මෙමඟින් නිර්දේශිත ක්‍රමවේදය, සාමාන්‍ය ගොවීන්ගේ ක්‍රමවේදය, ක්‍ෂේත්‍ර ක්‍රමවේදය යන ක්‍රමවේද නිසියාකාරව මුල සිට අග දක්වා අධීක්ෂණය කිරීමත් කෘෂිකර්මාන්තයට අදාළ නව යන්ත්‍ර සූත්‍ර භාවිතය ප්‍රවර්ධනය කිරීමත් සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්