ඩෙංගු සංඛ්‍යාලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනිද්දී ක්‍රිකට් ගැසූ අය ඩෙංගු රෝගීන් ලක්ෂ 4ක් සිටිනවා යැයි කියන්නේ කුමන ගණනයකට අනුවද?

  👤  3700 readers have read this article !
By mawbima 2017-07-17

හර්ෂනී අර්සකුලරත්න

මෙරට ඩෙංගු සංඛ්‍යාලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගනිද්දි විද්‍යාවක් හදාරා නැති උගත්කමක් නොමැති ක්‍රිකට් පමණක් ගැසූ පිරිස් මෙරට ඩෙංගු රෝගීන් ලක්ෂ හතරක් සිටිනවා යැයි කියන්නේ කිනම් ගණනයකට අනුවදැයි සිතාගත නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න පැවැසීය. මේ සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික නිර්ණායක සහ ක්‍රමවේදවලට අනුව සිදුකරන බවත් රෝගී මරණ දත්ත එකතු කිරීම සඳහා විශේෂ කාර්ය මණ්ඩල යොදාගනිමින් නිවැරැදිව ගණනය වන බවත් ඇමැතිවරයා පැවැසුවේය. මේ සංඛ්‍යා ලේඛන සහ දත්ත නිවැරැදි නොවන බව පවසන කෙනා සෞඛ්‍ය පිළිබඳ ප්‍රවීණයකු තියා සෞඛ්‍ය ඒකකයක වැඩ කළ පියන් කෙනකුවත් නොවන බවද ඇමැතිවරයා කීවේය. වඩාත්ම භයානක නූගත් දේශපාලනඥයා බවත් පාර්ලිමේන්තුවට ඒම විභාග සමත් වීමට වඩා බොහෝ ලේසි නිසා එසේ පැමිණ ඒ නූගත් දේශපාලනඥයන් තමන් මුළු ලොවම ජයගත්තා සේ විවිධ මත ප්‍රකාශ කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය. කෙසේ වෙතත් දින හතරක සිට ඩෙංගු රෝගීන් රෝහල් ගත වීමේ අඩුවක් වාර්තා වී ඇති බවත් ඩෙංගු මරණ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව සතුටුදායී තත්ත්වයක පසුවන බවත් ඇමැතිවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon