ස්වාධීනව වැඩ කරන්න ඉඩ දෙන්න

  👤  4333 readers have read this article !
By mawbima 2018-03-11

ස්වාධීනව කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුපෙළ මන්ත්‍රිවරුන්ගෙන් මහජනතාවට ඉටුකළ යුතු වැඩ හා ක්‍රියාකාරකම් කිරීම සඳහා පත්කළ සවිබල ගැන්වීමේ කමිටු වාර්තාවේ එක් යෝජනාවක් ලෙස මේ ඉල්ලීම කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ කමිටු වාර්තාව පසුගියදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව කරුණු 35ක් ඇතුළත් යෝජනාවලියක් පක්ෂ නායකවරයාට මෙලෙස භාරදී තිබේ.
ප්‍රාදේශීය වශයෙන් සංවර්ධන කටයුතු හා දිළිඳු සහන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේදී ස්වාධීන ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙසටද එම වාර්තාව මඟින් ඉල්ලීම් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon