නීති ඇමැතිකමෙන් වෛර පිරිමහන්නේ නෑ

  👤  4987 readers have read this article !
By mawbima 2018-03-11

ජේ.ටී. ද සිල්වා

• "නීතිය හා සාමය බාර ඇමැතිවරයා වශයෙන් කටයුතු කිරීමේදී කිසිවකු පිළිබඳව වෛරයකින් කටයුතු කරන්නේ නෑ" යි නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරයි.

"වෛරී දේශපාලනයෙන් කුඩා කාලයේම බැට කාපූ කෙනෙක් මම. මට අවුරුදු දහයේදී මගේ පියා ඝාතනය කළෙත් ඒ වෛරී දේශපාලනය නිසයි. මා අත්වින්ද ඒ කටුක අත්දැකීම තවත් කෙනකුට අත්විඳින්න ඉඩ නොලැබෙන පරිදි පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි" සිය නව තනතුරෙහි වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැසීය.
"අද ලෝකයේ හැම රටකම දූෂණයට, වංචාවට එරෙහිව ජනතාව පෙළගැසෙමින් සිටින බව දක්නට තිබෙනවා. මේ වනවිට අපේ රටේත් එවන් පෙළගැසීමක් දක්නට තිබෙනවා. ඒ අනුව නීතිය හා සාමය අමාත්‍යාංශයත්, අධිකරණ අමාත්‍යාංශයත් එකතු වෙලා දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩනැඟීමට කඩිනමින් පියවර ගන්නවා"

"පසුගිය කාලයේ ඇතැම් සංවිධාන මේ රටේ ජාතිවාදය ඇවිළවීමට විවිධ උත්සාහ දැරුවා. අපි ලබාදුන් මාධ්‍ය නිදහස, සමාජ මාධ්‍යයේ වැරැදි ආකාරයට මේ කාරණයේදී භාවිත කළා. අපි මේ සිදුවීම්වලට හේතු සොයාගෙන, දැන් ප්‍රතිකර්ම කරන්න ඕන. මේ ගැන නිවැරැදි පරීක්‍ෂණ පවත්වා, මේ සිද්ධි පිටුපස ඉන්නෙ කවුද? මේවාට හේතුවුණේ මොනවාද? කියා නුදුරේදීම රටට හෙළි කරනවා" යි ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon