ඩෙංගුවලින් ළමා මරණ ඉතාම අඩුයි

  👤  3663 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (12).jpg (600×350)

හර්ෂණී අර්සකුලරත්න

මෙරට ඩෙංගු මරණ අතරින් ළමා මරණවල ප්‍රතිශතය ඉතා පහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා පවසයි.
වෛද්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඩෙංගු වැලඳී රෝගීන් මියයෑමේ ප්‍රතිශතයක් ලෙස ගත්විට ළමා මරණ වාර්තා වී ඇත්තේ සියයට පහළොවක් බවත්, වැඩිම මරණ ප්‍රතිශතය තරුණ පිරිස් හා වැඩිහිටියන් අතරින් වාර්තා වූ බවත් වෛද්‍යවරයා එහිදී පැවැසුවේය.

ඒ අනුව වයස අවුරුදු පහළොවත් හතළිස් පහක් අතර පුද්ගල මරණ සියයට පනහක ප්‍රතිශතයක් ගන්නා බවද වයස අවුරුදු හතළිස් පහට වඩා වැඩි වයස් පුද්ගල මරණ සියයට තිස්පහක ප්‍රතිශතයක පවතින බවද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්