වෑන් එකත් එක්ක දෙදරු පියා අතුරුදන්: අසල්වැසි දෙදරු මවකුත් අතුරුදන්

  👤  3788 readers have read this article !
By mawbima 2017-07-17

චාමර අමරසූරිය, මාවනැල්ල - කේ. වී.බණ්ඩාර

රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමකින් යුත් වෑන් රථයක් සමඟ දෙදරු පියකු දින පහක කාලයක් තිස්සේ අතුරුදන් වී ඇතැයි සඳහන් කරමින් ඔහුගේ බිරිය හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් දමා තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බටලන්වත්ත, ගිනිහප්පිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ගාමිණී සේනාධීර නමැත්තකු බවද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 11 වැනි දින මොහු අතුරුදන් වූ බවට පැමිණිල්ලෙහි සඳහන් බවත් එදිනම ඔහු ඔහුගේ වෑන් රථය කෝපිවත්ත ප්‍රදේශයේ තැනැත්තකුට රුපියල් ලක්ෂ විසිහතරහමාරකට විකුණා ඇතැයිද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එසේම මේ තැනැත්තා අතුරුදන් වූ දිනම ඔහුගේ නිවෙසට ආසන්නයේ පිහිටි තවත් නිවෙසක ජීවත් වූ දෙදරු මවක් අතුරුදන්ව ඇති බවට එම කාන්තාවගේ ස්වාමියා හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය විමර්ශන කටයුතු අරඹා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්