පොදු ජන පෙරමුණේ සාමාජිකත්ව අභිෂේකය 22දා සිට

  👤  3646 readers have read this article !
By mawbima 2017-07-17

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට රට පුරා සාමාජිකයන් බ¼දවා ගැනීමේ "සාමාජිකත්ව අභිෂේකය" ලබන 22දා ආරම්භ වෙයි.

එදින සිට අගෝස්තු මස 6දා දක්වා සෑම මැතිවරණ කොට්ඨාසයකම පක්ෂ සංවිධානවල මෙහෙයවීමෙන් සම්මන්ත්‍රණ හා මහජන රැලි මාලාවක් පවත්වමින් ගෙන් ගෙට ගොස් සාමාජිකයන් බඳවා ගැනීම සිදුකරන බවත් ලබන 28දා එළැඹෙන සුබ නැකතින් තම සාමාජිකත්වය පිරිනැමීම සිදුකරන බවත් එම පක්ෂයේ සංවිධාන කටයුතුවල ප්‍රධානත්වය දරන බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. සාමාජිකයන් බඳවාගෙන ශාඛා සමිති හා අනෙක් සංවිධාන නිල වශයෙන් පිහිටුවා ගැනීමෙන් අනතුරුව ආසන සංවිධායකයන් නිල වශයෙන් පත් කිරීමට කටයුතු යොදා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්