රෝහල බදු ගන්න හදනවා

  👤  3750 readers have read this article !
By mawbima 2017-07-17

සවනි ශේශාධි

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බව පැවසුවද රජය විසින් යම්කිසි කාලයකට බදු ගැනීමක් සිදුවන බවට තම සංගමයට ආරංචි ලැබෙන බව රජයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සැබැවින්ම රජයට පවරා ගැනීමක්ද නැතහොත් නෙවිල් ප්‍රනාන්දුගේ වත්කමක් යම්කිසි කාලයකට බද්දට ගැනීමක් සිදුවන්නේද යන්න පිළිබඳව ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතුව ඇතැයිද එම සංගමයේ මහාචාර්ය මහින්ද කෝමළගේ පවසයි.

මේ වනවිටත් එම රෝහල තුළ ලියාපදිංචිය නොමැති වෛද්‍යවරුන් සහ හෙදියන් සිටින නිසා රජයට පවරා ගැනීමේ ක්‍රියාවලියේදී ඔවුන් සමඟම පවරා ගන්නවාද නැතහොත් රජය විසින් වෛද්‍යවරුන් පත්කරනවාද යන කාරණය සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත අවබෝධයක් නොමැති බවද ප්‍රමිතිය සම්බන්ධයෙන් කාලයක් තිස්සේම ගැටලු මතුව ඇති රෝහලක් රජයට පවරා ගත්තද එවැන්නකින් ප්‍රතිකාර ලබා ගැනීමට ජනයා පැමිණේදැයි සැක සහිත බවද මහාචාර්ය රස්නායක එම්. මුදියන්සේ පවසයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ගැටලු තවත් ව්‍යාකූල කරන්නක් මිස විසඳුමක් නොවන නිසා තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි යැයි තමන්ට හැඟෙන බැවින් සයිටම් අහෝසි කරන ලෙස ගෙන යන සටන නතර නොකරන බවද ඔවුහු පවසති.

ඊයේ (16දා) කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුහු මේ බව පැවසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්