නෙවිල් ප්‍රනාන්දු රෝහල අද ජනතා අයිතියට

  👤  3839 readers have read this article !
By mawbima 2017-07-17

පහන් විජේසේකර

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) පෙරවරු 10.00ට සිදු කිරීමට නියමිතය. නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමටත් පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.

ඒ අනුව අද දින රජයට පවරා ගන්නා එම රෝහලෙන් රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබාදෙන අතර එහි ගෙවීම් වාට්ටු ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
භාරකාර මණ්ඩලයක් යටතේ ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන මෙම රෝහලේ කාර්ය මණ්ඩලයද රජයට අයත් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon