විද්‍යා ඝාතන සැකකරු යාපනයෙන් පිටකළේ නියෝජ්‍ය පොලිස්පති?

  👤  4115 readers have read this article !
By mawbima 2017-07-17

මුලතිව් ශෂිකුමාර්,
මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්, මඩුකන්ද - දීපාල් බණ්ඩාර

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී සිදු වූ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවකුට යාපනයෙන් පලා යෑමට සහාය දුන්නේ යැයි සැකය මත වත්මන් මධ්‍යම පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන කයිට්ස් අධිකරණයට ඊයේ (16දා) ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් වැඩබලන මහෙස්ත්‍රාත් ආර්. ඊ. සබේසන් මහතා නියෝග කළේය.

විද්‍යා දැරියගේ ඝාතනයට සැකකෙරෙන ඝාතනය සැලසුම් කළ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂි කුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාට යාපනයෙන් පිටවීමට උතුරු පළාත භාරව එවකට සිටි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදවු කිරීමේ චෝදනාව මත ජයසිංහ මහතා පෙරේදා (15දා) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර ඊයේ (16දා) සවස ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කයිට්ස් අධිකරණය වෙතට ඩබ්ලිව්. පී. ජී. ඒ. නමැති මෝටර් රථයෙන් රැගෙන එන අවස්ථාවේදී කයිට්ස් මාර්ගයේ බෝක්කුවක වැදී ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් වී නොමැත. කයිට්ස් මහෙස්ත්‍රාත් ඒ. එම්. එම්. රියාස් මහතා නිවාඩු ලබා සිටීම නිසා වැඩබලන මහෙස්ත්‍රාත් ආර්. ඊ. සබේෂන් මහතාගේ නිල නිවෙස වෙතට රැගෙනවිත් ඉදිරිපත් කළ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග දෙනු ලැබීය.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ රඳවන ලෙසටත් 25 වැනිදා අධිකරණයට නැවත ඉදිරිපත් කරන ලෙසටත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය 2015 වසරේ මැයි මස 13 වැනිදා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පුණ්කුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්කොට ඝාතනය කිරීමට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්