තුන් වේල කාල බීල පාඩම් කළේ නෑ මම දුක් විඳගෙන උස් මහත් වුණේ

  👤  3899 readers have read this article !
By mawbima 2018-02-25

වාහන ගැන දන්න ලංකාවේ ඕන කෙනෙක් ලාල් අලවත්ත කියන්නේ කවුද කියලා දන්නවා. වාහනත් සමඟ ඔහුගේ තියෙන බැඳීම හරිම අපූරුයි. ඔහු අපිට කිව්වෙත් මිනිස්සු එක්ක ගනුදෙනු කරනවාට වඩා පහසුවෙන් ඔහුට වාහනත් එක්ක වැඩ කරන්න පහසුයි කියලා. ඉතින් අපි ඔහුව හොයාගෙන බත්තරමුල්ලේ පිහිටි
ඹ්චත ඒතචඹචබබච ඒභබධථධඡඪතඥ

ඡ්දඨඪදඥඥපඪදඨ ආයතනයට ගියා. වෙනදා දකින කාර්යාලයීය පරිසරයට වඩා ටිකක් වෙනස්. හැම තැනම තිබුණේ වාහන සහ වාහන අමතර කොටස් සහ අලුත්වැඩියා උපකරණ කට්ටල්. වෙනදා දැකපු ආකාරයේ විධායක ශේ‍ර්ණියේ නිලධාරි ටයි කෝට් දාපු පෙනුම නම් ඔහුගේ දුටුවේ නැහැ. නිල් ඩෙනිම් කලිසමත් සහ නිල් ඩෙනිම් ෂර්ට් එකත් ඊට ගැළපෙන නිල්පැහැ සපත්තු දෙකකින් සැරසිලා හිටපු ඔහුව දුටු ගමන් මට සිහිපත් වුණේ සිංහල සිනමාවේ පැරැණි නළුවෙක්. ඉතින් බොහෝම සරල විදියට ඔහු ආපු ගමන ගැන මේ විදියට අපිට පැවසුවා.

ලාල් අලවත්ත කියපු ගමන් මතක් වෙන්නේ වාහන සහ තාක්ෂණය. මේ දෙකෙන්ම වියුක්තව ලාල් අලවත්ත කියන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද?
මම හරිම සංවේදී මනුෂ්‍යයෙක්. හොඳ රසකාමියෙක්. ඒ වගේම කලාකාමී හදවතක් තියෙන පුද්ගලයෙක්. වාහන සමඟ වැඩ කළාට මම හොඳ සාහිත්‍ය රසකාමියෙක්. මම සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍ය යන දෙකම ඉතා සමීපව ඇසුරු කරන, කියවන කෙනෙක්. මට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ගීත අහනවා. රසවිඳිනවා. චිත්‍රපට බලනවා. ඉතින් එහෙම තමයි මට මාව තේරෙන්නේ සහ දැනෙන්නේ.

කලාකාමී හදවතක් තිබෙන ඔබ ඇයි ඔටෝමොබයිල් ඉන්ජිනේරු වෘත්තිය තෝරා ගත්තේ?

පාසල් වයසේ ඉඳලාම මට ඉතා හොඳ ගණිතමය හැකියාවක් තිබුණා. ගණිතය කියන්නේ මට හරිම පහසු විෂයක්. නමුත් මම පාඩම් කරන්න හරිම අකැමැතියි. ඒ නිසා ගණන්වලට මම ආසයි. උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරුවා. මොරටුව විශ්වවිද්‍යාලයට සමත් වුණා. ඉතින් ඒ මාර්ගය ඔස්සේ අධ්‍යාපනය හදාරමින් ඉන්න කොට මට ශිෂ්‍යත්වයක් ලැබුණා ජපානයේ ව්චඨධරච විශ්වවිද්‍යාලයට. 1984දී මම ඒ විශ්වවිද්‍යාලයෙන් මාස්ටර්ස් කරලා 1989 නවසීලන්තයේ ඛ්චදබඥපඡභපර විශ්වවිද්‍යාලයෙනුත් උපාධියක් ගත්තා. මම ඒ විශ්වවිද්‍යාලවල ගත කරපු වසර කිහිපය ඇතුළත මට පුළුවන් වුණා ඒ විශ්වවිද්‍යාල දෙකේම වසරේ හොඳම විදේශීය ශිෂ්‍යයා (ඊඩඥ ඕඥඵබ ධමඥප ඉඥචඵ ඉබභඤඥදබ ධට බඩඥ රඥචප) වෙන්න. අදටත් ඒ විශ්වවිද්‍යාල පුවරුවල ඹ්චත ඒතචඹචබඩබඩච ධට
ඉපඪඹ්චදඬච කියලා සටහන් කරලා තියෙනවා.

ඉන් පසුවද ඔබට මේ විෂය හා ගැළපෙන වෘත්තියක නියැළෙන්න හිතුණේ?

පොඩි කාලේ ඉඳන් මම මේ විෂයට කැමැතියි. ගණිතයට මම දක්ෂයි කියලත් කිව්වනේ. මට අවශ්‍ය වෙලා තිබුණා කවදාහරි ලංකාවේ ඉන්න හොඳම ඔටෝමොබයිල් ඉන්ජිනේරුවා වෙන්න.

ඉතින් අද ඒ අරමුණට ළංවෙලා තිබෙනවාද?

විදෙස් අධ්‍යාපනය හදාරලා මම ලංකාවට පැමිණියාට පසුව මෙහෙ ආයතන කිහිපයකම ප්‍රධාන ඉන්ජිනේරුවරයා විදියට සේවය කළා. පසුව මම තනිව මේ වෘත්තියට අත ගැහුවා. පසුකාලීනව මම ලංකාවේ විතරක් නොවෙයි ඒෂියා පැසිෆික් කලාපයේම බොහොම ජනප්‍රිය වුණා. මම ඉගෙන ගත්තු විදේශීය විශ්වවිද්‍යාල සහ ඊට අනුබද්ධ ආයතනවල අය මාව මගේ නමින් හඳුනනවා. මම ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. නමුත් අද මට වඩා දක්ෂ තරුණ ඉන්ජිනේරුවරු බිහිවෙලා ඉන්නවා.

විදෙස් රටවලදී ඔබ ලබාගත්තු දැනුම, අත්දැකීම් කොහොමද ඔබේ ගමනට ප්‍රයෝජනවත් වුණේ?

ලංකාවේ ඔටෝමොබයිල් ඉන්ජිනියරින් කියලා දෙයක් නැහැ. මම රටවල් දෙකක ඉගෙන ගත්තා සහ රටවල් කිහිපයකම රැකියාවල් කළා. ජපානය, නවසීලන්තය අමතරව මම ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වගේ රටවල රැකියාවන් කළා.

ඇත්තටම, ලංකාවේ විශ්වවිද්‍යාලවල මේ විෂය උගන්වන්නේ ප්‍රායෝගිකව පමණයි. ලංකාවේ කිසිම ඉන්ජිනේරු විෂයක් ප්‍රායෝගික නැහැ. සිවිල් ඉන්ජිනේරුවෙක්ට බැහැ මේසන් බාස් නැතිව සිමෙන්ති බැම්මක් බඳින්න. මේ ක්‍රමයම වැරැදියි.

නමුත් විදේශීය අධ්‍යාපන ක්‍රමය තුළින් න්‍යායික වගේම ප්‍රායෝගික දැනුමත් ලබා දෙනවා. අපි වාහන හදන්න ඉගෙන ගත්තා. කෑලි ගැලෙව්වා. හයි කළා. අලුත්වැඩියා කළා. මාස්ටර්ස්වලදී ඩිසයින්ග්ස්වලට යනවා. අලුත් මොඩ්ල් හදන හැටි, මේ හැම දේම ඉගෙන ගත්තා. සමහර ප්‍රායෝගික කොටස් හදාරන්න විශ්වවිද්‍යාල අනුබද්ධිත විශ්වවිද්‍යාලය සහතික කරපු ගරාජ්වලට පවා යනවා. ඊට පස්සේ මේක සල්ලිවලට හරවන ක්‍රමය ගැන ඉගෙන ගන්න අවශ්‍ය නිසා ප්‍රායෝගික පුහුණු වැඩමුළුවලට දානවා. ඇත්තටම ගොඩක් අය හිතන්නේ ඔටෝමොබලයිල් ඉන්ජිනියරින් කියන්නේ ඉන්ජිනියරින් විතරමයි කියලා.

ඇත්තටම මොකක්ද ඔටෝමොබයිල් ඉන්ජිනියරින් කියන්නේ?

ඔටෝමොබයිල් ඉන්ජිනියරින්වල සමස්තයම අන්තර්ගත වෙනවා. මානව සම්පත් කළමනාකරණය, මයින්ඩ් රීඩින් වැනි විෂයයන් පවා මේ යටතේ උගන්වනවා. මේ විෂය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. තාක්ෂණික පැත්ත, මානව සම්පත් කළමනාකරණ පැත්ත, මූල්‍ය කළමනාකරණ පැත්ත ආකාරයට. මේ හැමදේම අවශ්‍යයි. මෙතැනින් මූල්‍ය කළමනාකරණය ලංකාවේ උගන්වන්නේ නැහැ. ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැහැ. විභාගවලට එන්නේ නැති නිසා.

ලාල් අලවත්තගේ වැඩ හොඳයි. නමුත් ගිනි ගණන් කියලා මතයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි?

මුළු සමාජ දේහයම ගත්තම හොඳ දේවල් අල්පයි. හොඳ දේවල් ඉල්ලනවාත් අඩුයි. හොඳ දේට වඩා ලාබ දේ තමයි මිනිස්සු ඉල්ලන්නේ. ඒ නිසා ගොඩක් අය හොඳ දේ විකිණීම වෙනුවට ලාබ දේ විකුණන්න පටන් අරන් තිබෙනවා. හොඳ දේට තියෙන වෙළෙඳපොළ සීමාසහිත වෙන්න පුළුවන්. නමුත් තත්ත්වය හා මට්ටම වෙනස්. මම අලුත්වැඩියා කරන වාහන අනිත් අය කරනවාට වඩා මිල අධික ඇති. නමුත් ගුණාත්මක බව වැඩියි. මම අලුත්වැඩියා කළොත් වසර හතරක් පහක්වත් නොකැඩී තියෙන්න පුළුවන්. නමුත් ලාබ විදියට කළොත් මාස හතරෙන් පහෙන් කැඩෙන්න පුළුවන්.

වෘත්තීයමය ගරුත්වය කියන දේ ව්‍යාපාරිකයෙක්ට කොයි තරම් වටිනවාද?

ඒක අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්. නමුත් අද වන විට වෘත්තීයමය ගරුත්වය නැත්නම් ප්‍රොෆෙෂනලිස්ට් කියන දේ බින්දුවටම වැටිලා තියෙන්නේ. මොකද ගොඩක් අය තමන්ගේ වෘත්තියට අදාළ දේ නොවෙයි කරන්නේ. උදාහරණයක් විදියට පොල් කඩන පුද්ගලයෙක් ගන්න. පොල් කඩන කෙනා කරන්න ඕනා පොල් කඩන එක විතරක් නෙවෙයිනේ. පොල් ගහට නැඟලා හනසු මටුළු ටික සුද්ද කරලා හොඳට පැහැණු පොල් වල්ල තෝරලා ඒ ටික කඩලා ඊට පස්සෙ පැහෙන්න තිබෙන පොල් වල්ල සහ ඒක පැහෙන කාලසීමාව ගැනත් ගස් හිමියාට කියන්න ඕනා. ඕනෑම වෘත්තියකට ඊට අදාළ තත්ත්වයන් සහ කාර්යභාරයන් ටිකක් තිබෙනවා. ඒ දේ නොකළොත් හානි වෙන්නේ වෘත්තීය ගරුත්වයටයි.

අනිත් එක සේවකයා ලබන වේතනය. ආයතන හිමිකරු හෝ මැනේජ්මන්ට් එක දැනගන්න ඕනෑ වෘත්තියට අදාළ සුදුසු, සරිලන මාසික වේතනයක් සේවකයාට ලබා දෙන්නත්. සේව්‍ය, සේවකාදී දෙපිරිසම අනේ‍යාන්‍ය වශයෙන් වෘත්තීය ගරුත්වය රැක ගත යුතුමයි.

ලංකාවේ අයගේ වාහන ගැන තිබෙන උනන්දුව සහ දැනුම ගැන මොකද හිතෙන්නේ?

මම නම් කියන්නේ යම් නියාමනයක් තිබිය යුතුයි. මොකද අද අපිට නොගැළපෙන විදියට ඔරොත්තු නොදෙන විදියට වාහන තාක්ෂණය ලංකාවට ඇවිත් තිබෙනවා. ලෝකයේ තිබෙන අලුත්ම මොඩ්ල්වල වාහන ලංකාවේ තිබෙනවා. නමුත් ඒවායේ අලුත්වැඩියා තාක්ෂණය ලංකාව තුළ නැහැ. ඉතාම සීමිත ඉන්ජිනේරු පිරිසක් අතර විතරයි දැනුම තියෙන්නේ. මේවගේ කිසිම පාලනයක්, නියාමනයක් නැහැ. ඕනෑ එකයි එපා එකයි සේරම ගෙන්වනවා.

මිනිස්සු බලන්නේ ලාබය විතරයි. අඩුවෙන්ම ටැක්ස් ගහන වාහනය තමයි ඔවුන් හොයන්නේ. මේ දවස්වල වැඩිපුරම යන්නේ හයිබි්‍රඩ් වැගන් ආර් වාහනය. ලක්ෂ 26 කට 27කට ගන්න පුළුවන්. ඒ ගාණට වෙන ඕපචදඤ ව්ඥඹ ගන්න නැහැ. නමුත් මේක කැඩුණම හදන

තාක්ෂණය මෙහේ නැහැ වගේම තමයි මේකට එන ලෙඩ ගැන මෙහේ අය දැනුවත් නැහැ. මම කියන්නේ ලංකාවට වාහනයක් ගෙනාවාම ඒකේ සියලු තාක්ෂණය හා හොඳ නරක සියල්ලම පාරිභෝගිකයාට කිව යුතුයි. ඊට පස්සේ තමයි මේක විකුණන්න ඕනා.

වැඩිපුරම ගනුදෙනු කරන්න ලේසි වාහන එක්කද මිනිස්සු එක්කද?

මට වාහන එක්ක වැඩ කරන එක හරිම ලේසියි. වාහනවලට හොඳ සෙන්ස් එකක් තියෙනවා. ඒ සෙන්ස් එක මෑන් මේඩ් සෙන්ස් එකක්. ඒවා හරිම සෙන්සිබල්, පැටර්න් සේරම සීමාසහිතයි. හැසිරෙන සීමාවේ වපසරිය ගැන අවබෝධයක් ගන්නත් ලේසියි. කැඩුණොත් හේතුව දන්නවා. එහෙමයි මෑන් මේඩ් දේවල් හැසිරෙන්නේ. නමුත් මනුෂ්‍යයෙක් ගත්තොත් හරිම සංකීර්ණයි. සමහරු කියයි ට්ධඤ ර්චඤඥ නිසා කියලා. නමුත් මනුෂ්‍යයෙක්ව අධ්‍යයනය කරන්න පහසු නැහැ. තේරුම් ගන්නත් බෑ. හැසිරෙන සීමාව අසීමාන්තිකයි. කොයි මොහොතේ මොනවා කරයිද දන්නෙත් නැහැ. අන්බිලීවබල්, අන්ප්‍රෙඩික්ටබල් සහ අන්ට්‍රස්ටඩ්. ඒ නිසා වාහන සමඟ ගනුදෙනුව මට පහසුයි.

අලුත් වාහන සම්බන්ධයෙන් ඔබේ කැමැත්ත කොහොමද?

වාහන කියන්නෙත් භෞතික දෙයක්. මම දැන් භෞතික දේවල් ගැන එච්චර ලොකුවට හඹායන්නේ නැහැ. විශේෂයෙන් වාහන පස්සේ. මොකද මම හොඳම මොඩ්ල්වල වාහන පාවිච්චි කරලාත් තියෙනවා. පැදලා තියෙනවා. හදලා තියෙනවා. මම අධතතඵ අධරජඥ, ඹ්චථඡධපඨඩඪදඪ, ඕභඨචබබඪ, ජ්ඥපපචපඪ, ර්ඥපජඥඤඥඵ ඕඥදල වගේ ලෝක ප්‍රසිද්ධ ආයතනවල මවු ශාඛාවල සේවය කරපු කෙනෙක්. ඒ නිසා මම ඔය හැම වාහනේ ගැනම හොඳට දන්නවා. අතපතගාලා තියෙනවා. ඒ නිසා මට වාහන ගැන එච්චර ආසවක් දැන් නැහැ. විශේෂයෙන්ම බී.එම්.ඩබ්ලිව්., බෙන්ස් වගේ ඒවා ගැන. නමුත් මම වසර 3කට වතාවක් තාක්ෂණය අතින් එන හොඳම කාරය මිලදී ගන්නවා.
අපි දැන් හයිබි්‍රඩ් ගැන කතා කරනවා. නමුත් පළමුවැනි හයිබි්‍රඩ් වාහනේ හැදුවේ ෆර්ඩිනන්ඩ් පෝර්ෂේ 1996දී. වාහන තාක්ෂණය වෙනස් වෙනවා කාලෙන් කාලෙට. නමුත් ලෝකේ කොහේත් මූලධර්ම එකයි.

ජීවිතේට පූර්වාදර්ශයක් වුණු පුද්ගලයන් ඉන්නවාද?

මම ජ්ඥපඤඪදචදඤ ර්ථීධපඵජඩඥට හරිම කැමැතියි. ඔහු ඩබල් ඩොක්ටර් නමුත් පාසල් ගිහින් නැහැ. ප්‍රායෝගික දැනුමෙන් තමයි වැඩ කළේ. ඔහු හඳුන්වන්නේ ඡ්දඨඪදඥඥප ධට බඩඥ ර්ඪතතඥදදඪභථ කියලයි. ඔහු තමයි ර්ථීධපඵජඩඥ කම්පැණිය හැදුවෙත්. ඔහු හැදුව 911 කියන මොඩලය ෆෙරි පෝර්ෂේ කියන ඔහුගේ පුතාට දුන්නා. නමුත් ඒක හදන්න පුතාට මූල්‍යමය හැකියාවක් තිබුණේ නැහැ. පුතාට සල්ලි හොයන්න ෆර්ඩිනන්ඩ් පෝර්ෂේ ධනපතීන්ගෙන් සල්ලි ඉල්ලුවා. හම්බකරපු සේරම වියදම් කළේ රිසර්ච්වලටයි. ඩිවලොප්මන්ට්වලටයි. අන්ත හිඟන්නා වුණා. ලෝකයේ සුප්‍රකට ඔටෝමොබයිල් ඉන්ජිනියරින් උගන්වන්න විශ්වවිද්‍යාලවල ෆර්ඩිනන්ඩ් පෝර්ෂේ ගැන උගන්වනවා. ඉතින් මටත් හිතුනා මාර මිනිහෙක් පෝර්ෂේ, ඒ වගේ වෙන්න ඕනා කියලා. නමු අදටත් අපිට පෝර්ෂේ කරපුවා කරන්න බැහැ.


මේ කාර්යබහුලකමත් එක්ක කොහොමද ගෙදර ජීවිතය ගෙවෙන්නේ?

මම සාමාන්‍යයෙන් කීයට නිදාගත්තත් උදේ 4.30ට නැඟිටිනවා. උදේ තේ එක බීලා මායි මගේ බිරියයි ටිකක් කතා කර කර ඉන්නවා. ඊට පස්සේ බිරිය දුවව පාසලට රැගෙන යනවා. මාත් රැකියාවට පිටත් වෙනවා. 6.30 වෙද්දී මම ගෙදරින් එනවා. මගේ බිරිය මට වාසනාවකට හම්බුණා කියලා මම විශ්වාස කරනවා. මොකද මම ටිකක් වෙනස් විදියට ලෝකේ දකි කෙනෙක්. ඒ නිසා මාත් එක්ක ලේසියෙන් කෙනෙක්ට ඉන්න බැහැ. ඉතින් ඇය මාව ඉතාම හොඳට තේරුම් ගත්තු කෙනෙක්. දියණියගේ අධ්‍යාපන කටයුතු, ගෙදර වැඩ සේරම ඇය කරනවා. ඉතින් අපි අතර රහස් නැහැ. වෙනස්කම් නැහැ. ජීවිතය බෙදා ගන්න පුළුවන් හොඳ සහාකාරියක් ඇය. ඉතින් මම කොහොම හරි හවස් වරුවම ගෙදර අය එක්ක කල් ගෙවනවා.

විලාසිතා කරනකොට ජනප්‍රිය වෙළෙඳ සන්නාම (ඕපචදඤඵ) වලට තිබෙන කැමැත්ත කොයි වගේද?

මට ඕපචදඤඵ සම්බන්ධයෙන් අකැමැත්තක් වත් මිලදී ගැනීමට නොහැකියාවක්වත් නැහැ. මම ඩෙනිම් විලාසිතාවලට හරිම කැමැතියි. මම ඇඳුම් ගන්න ගියාම මට මේස් බැනියමක්වත් ගන්න බැරි අය ඉන්නවා නේද කියලා හිතෙනවා. මොකද මම හරිම අමාරුවෙන් නැඟිටපු නෙනෙක්. ගාල්ලේ - අක්මීමණ හරිම දුප්පත් පවුලක තමයි මම ඉපදුණේ. දුක දැනෙන දුක විඳගෙන අපි උස් මහත් වුණේ. උසස් පෙළ කරන කොට මම තුන්වේල කාලා බීලා පාඩම් කළේ නැහැ. අපි පාඩම් කළේ ලාම්පු එළියෙන්. ඉතින් අදටත් සුඛෝපභෝගි දෙයකට අත තියෙන කොට මට අතීතයේ මං විඳපු දේවල් සහ අදත් එහෙම ජීවත්වෙන දුප්පත් අයව මතක් වෙනවා.

ඔබ හොඳ සාහිත්‍ය රසකාමියෙක් කිව්වා. සාමන්‍යයෙන් මොනවද කැමැත්තෙන් කියවපු පොත් පත්?

මම රුසියානු සාහිත්‍යයට දැඩි සේ ඇලුම් කරන කෙනෙක්. ලෝකයේ කිසිම සාහිත්‍යයක නැති රසයක් මම රැසියානු සාහිත්‍ය තුළ දකිනවා. ට්භර ඤඥ ර්චභනචඵඵචදබ ගේ ඉඳලා ඹ්ඥධ ඊධතඵබධර දක්වා මම හරිම කැමැතියි.

සාර් යුගයේ තිබුණු නිලධාරිවාදයට එරෙහි එදා රුසියන් සාහිත්‍යකරුවෝ නිර්දයන ලෙස පහර ගැසුවා. නිර්භයව විවේනය කළා. ර්චයඪථ ට්ධපඬරගේ හිමකබාය වැනි පොත් හරිම රසවත්. ඊට අමතරව ඒතඥයචදඤඥප ර්ථීභඵඩඬඪද, ව්ඪඬධතචඪ ට්ධඨචත, ඒදබධද ඛ්ඩඥඬධභ වැනි ලේඛකයන්ට සහ ඔවුන්ගේ කෘතිවලට මම ඉතාම කැමැතියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon