කොට්ඨාස 222ක සීමානිර්ණ අවසන්

  👤  3157 readers have read this article !
By mawbima 2018-02-25

දෙනගම ධම්මික රණවීර

• ඉදිරි පළාත් සභා ඡන්ද විමසීමේ කටයුතු මැතිවරණ කොට්ඨාස 222කදී පැවැත්වීම සඳහා සීමා නිර්ණය කළ බව පළාත් සභා මැතිවරණ සීමානිර්ණය කමිටුවේ ලේකම් අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කටයුතු අවසන් කොට එම වාර්තාව පසුගියදා (19දා) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාර දෙනු ලැබීය.

පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා සමානුපාතිකව (50:50) පැවැත්වුවද පළාත් සභා සඳහා පත්වන මන්ත්‍රි සංඛ්‍යාවේ වෙනසක් සිදු නොවන බවද සමන් රත්නායක මහතා සඳහන් කළේය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත භාර දෙන ලද සීමා නිර්ණය කමිටු වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon