දූෂණ දර්ශකයේ ලංකාව ඉදිරියට

  👤  4006 readers have read this article !
By mawbima 2018-02-23

ගෝලීය දූෂණ අක්‍රමිකතා දර්ශකයේ නවතම වාර්තාවලට අනුව මෙතෙක් 95 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙවර 91 වැනි ස්ථානයට පත්වෙමින් ස්ථාන හතරකින් ඉදිරියට පැමිණ ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් මඟින් නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව දූෂිත රටවල් 180ක් ලැයිස්තුගත කොට ඇත.
රට වැසියන් පොදු සේවා භාවිතයේදී දූෂණ අක්‍රමිකතාවලට මුහුණ දීමේ ඉහළ ප්‍රවණතාවක් තිබීම මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව පහළ අගයක සිටීමට හේතුවක් වී තිබේ.
කසළ කළමනාකරණයේ සිට පාසල්වලට නව බඳවා ගැනීම් දක්වාම මේ තත්ත්වය පැතිර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ආයතනය සඳහන් කරයි.
ලැයිස්තුගත කිරීමේ 0 සිට 100 දක්වා ලකුණු ලබාදීම් අනුව සිදුවන අතර 2017 වසරේදී ලංකාව ලකුණු 38ක් ලබා තිබේ. මෙම වසරේ සියලුම රටවල් අතරින් තුනෙන් දෙකක්ම ලකුණු 50ට වඩා අඩුවෙන් ලබාගෙන තිබේ.

වැඩිම ලකුණු ලබාගත් නවසීලන්තය පළමු ස්ථානයේ පසුවන අතර ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය පිළිවෙළින් 6 වැනි ස්ථානයේ සම තැන් ගෙන සිටී.

රුසියාව ලකුණු 29ක් ගෙන 135 වැනි ස්ථානයේ පසුවීම සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon