මාවනැල්ලේ කතක් හොර පාරෙන් ඩීසල් පන්නලා

  👤  4093 readers have read this article !
By mawbima 2018-02-23

අරණායක - රත්න හෙම්මාතගම

හොර පාරෙන් අඩු මිලට ඩීසල් ලබාගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරගෙන ගියැයි කියන...කාන්තාවක ඩීසල් මිලිලීටර් 1,45,000ක්ද සමඟ මාවනැල්ල පොලිසිය මඟින් ඊයේ (21දා) දහවල් පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ, මහනුවර මාර්ගයේ ගමන් ගන්නා රාජ්‍ය ආයතනවලට හා සමාගම්වලට අයත් ලොරි රථ ඇතුළු රථවාහන රියැදුරන් විසින් හොරෙන් විකුණන ඩීසල් අඩු මිලට ලබාගෙන වැඩි මිලට විකිණීමේ මෙම ජාවාරමට සම්බන්ධ සැකකාර කාන්තාවගේ මියගිය සැමියා විසින්ද කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ මෙම ජාවාරම ඔහුගේ වැන්දඹු බිරිය විසින්ද කරගෙන ආ බවට මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේදී පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට පත් 58 හැවිරිදි සැකකාර කාන්තාව පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 28 වැනිදා ඇය මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී.ඩී. නිලංග මහතාගේ මෙහෙයවීම යටතේ වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.ජී.එස්. සුදේෂ්, පොලිස් සැරයන් තෙන්නකෝන් (28842), පොලිස් කොස්තාපල්වරුන් වන මඳිරව (41512), සංජීව (6416) කාන්තා පොලිස් කොස්තාපල් තරංගනී (6526) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon