අමාත්‍යාංශ දෙකෙන්ම ඉවත්වෙන්න තලතා සූදානම්

  👤  5119 readers have read this article !
By mawbima 2018-02-23

අවශ්‍ය නම් අමාත්‍යාංශ දෙකෙන්ම ඉවත් වීමට තමන් සූදානම් බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව පැවැසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ නිලධාරීන්ට විදේශ කටයුතු අමාත්‍යාංශ දී ස්ථිර පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

අතුකෝරල මහත්මිය එහිදී කියා සිටියේ ගමක් දිනූ ඒකාබද්ධ විපක්ෂය රටක් දිනුවා නම් කොහොම හැසිරෙයිද කියා දැක බලා ගත හැකි බවයි.
රජයේ සේවකයන්ට රජයේ ආයතන තුළ දේශපාලනය කරන්න බැරි වුණත් අද වගේ නොව මහින්ද රාජපක්ෂ සමයේ රජයේ නිලධාරීන් දේශපාලනය කළ බවත් දිනපු තැනැත්තා පැරදුණු අයට ගහපු යුගය යහපාලනය විසින් අවසන් කරන ලද බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon