විපක්ෂ නායකකම මහින්දට දෙන්න බෑ

  👤  4170 readers have read this article !
By mawbima 2018-02-23

විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වන අතර එම පක්ෂය බෙදී වෙන් වී කටයුතු කිරීම හමුවේ විපක්ෂ නායක ධුරය රාජපක්ෂ මහතා වෙත ලබාදිය නොහැකි බවයි.
දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන බහුතරයක් මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ලෙස යැයිද සුමන්තිරන් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් ශ්‍රී ලනිප ආණ්ඩුවට සහයෝගය ලබා දෙනබවට ප්‍රකාශ කොට තිබියදී එම පක්ෂය විපක්ෂය ලෙස පිළිගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන සුමන්තිරන් මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂය වන්නේ තවදුරටත් දෙමළ ජාතික සන්ධානය බව පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් තවදුරටත් සිය සන්ධානයේ නායකයා වන ආර්. සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධුරය දැරිය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon