නාමල්ට රට යන්න අප්‍රේල් 26 තෙක් අවසර

  👤  4014 readers have read this article !
By mawbima 2018-02-23

කේ.එස්. උදය කුමාර්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් "හෙලොකෝප්" නමැති සමාගමක...ආයෝජනය කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන අප්‍රේල් මස 26 වැනිදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22දා) නියෝග කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තම සේවාදායකයාට පාර්ලිමේන්තු වැඩමුළුවක් සඳහා නේපාලයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති අතර ඉන් පසුව රුසියාවේ සංචාරය කිරීමටද අවශ්‍යතාවක් මතුව ඇති බව කීය.
මේ සඳහා දැනට තම සේවාදායකයාට ඇප කොන්දේසියක් වශයෙන් පනවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 26 වැනිදා තෙක් ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියා විරෝධය පළ කළේ නැත.
ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 26 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසටද නියෝග කළාය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට නැවත අප්‍රේල් මස 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයිද මහෙස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon