පාර්ලිමේන්තුවේදී මෛත්‍රි සමඟ රහස් කතා රනිල්-මලික් සම්පන්දන්-රන්ජන්

  👤  4627 readers have read this article !
By mawbima 2018-02-23

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ජනාධිපති කාර්යාලයේදීය.
වර්තමාන දේශපාලන තත්ත්වය සහ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති සහ විපක්ෂ නායක අතර පැවැති මෙම සාකච්ඡාවට මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන් යන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද සහභාගි වී තිබේ.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ විපක්ෂ නායක සම්පන්දන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් දරන ඇමැති ධුර අතරින් කිහිපයක් වෙනස් කළ යුතු බවට ජනාධිපතිවරයා කළ දැනුම්දීමක් නිසා උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති මලික් සමරවික්‍රම ඊයේ (22දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපතිවරයා හමුවී හදිසි සාකච්ඡාවක් පැවැත්වූ බවද දැනගන්නට ඇත.

ඇමැති ධුර වෙනස් කිරීමේදී එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් පැන නැඟීම අනිවාර්යයෙන්ම සිදුවන බව මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවද පැවැසේ.

කෙසේ වුවද ජනාධිපතිවරයා සිය ස්ථාවරයේම පිහිටා සිටින බවද වාර්තා වේ.
අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බැවින් එම මතය ලැබෙන තෙක් ශ්‍රීලනිප ඇමැතිවරුන් බලාපොරොත්තු තබාගෙන සිටින බව ජේ‍යෂ්්ඨ ඇමැතිවරයෙක් 'මව්බිම'ට පැවැසීය.

මේ අතර රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මුණගැසී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon