දෙපා අහිමි වූ බිලී නැවතත් මෝටර් රථ ධාවන තරගවලට

  👤  4008 readers have read this article !
By mawbima 2018-02-23

මීට මාස 10කට පමණ පෙර මෝටර් රථ ධාවන තරගයක යෙදෙමින් සිටියදී සිදුවූ දරුණු අනතුරක් හේතුවෙන් දෙපා ඉවත් කොට සිටි බි්‍රතාන්‍ය ජාතික මෝටර් රථ ධාවන ශූරයකු වන බිලී මොන්ගර් කෘත්‍රිම පා දෙකක් සවිකරගෙන නැවත මෝටර් රථ ධාවන තරග සඳහා ඉදිරිපත් වී තිබෙනවා.

මේ වන විට 19 හැවිරිදි වියේ පසුවන බිලී, පසුගිය වසරේ එංගලන්තයේ ඩොනින්ටන් පාක්හි පැවැති ජ්4 මෝටර් රථ ධාවන තරගය අතරතුර දරුණු රිය අනතුරකට මුහුණ පෑවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගෙ දෙපා ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත නැඟී සිටී යැයි කිසිවකු අපේක්‍ෂා කළේ නැහැ. කෙසේ හෝ කාර්ලින් හි පැවැත්වීමට නියමිත 'බි්‍රටිෂ් ෆෝමියුලා 3' තරගාවලිය සඳහා තමන් සහභාගි වන බව බිලී ප්‍රකාශ කොට ඇති අතර මේ සඳහා ඔහු සියලු පාලනයන් අතින් කළ හැකි විශේෂයෙන් සකස් කළ මෝටර් රියක් යොදා ගැනීමට සැලසුම් කොට තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon