යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තා 13ක්

  👤  3977 readers have read this article !
By mawbima 2018-02-23

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලැබූ යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය නව වාර්තා 13ක් සමඟින් දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්විය.
එහිදී දුර පැනීම පිරිමි ඉසවවේදී මීටර් 7.78ක දුරක් තරණය කරමින් නව තරග වාර්තාවක් එක්කළ ගේ‍ර්ෂන් ධනංජය දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර, මීටර් 400 කාන්තා ඉසව්ව තත්.54.72කින් අවසන් කළ නව තරග වාර්තාවක් තැබූ උපමාලිකා රත්නකුමාරිට දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූවාය.
කෙසේ වුවත් තරගාවලියේදී පිරිමි යගුළිය දැමීම ඉසව්වේදී විදුලි හා යාන්ත්‍රණික ඉන්ජිනේරු බළකායේ සමිත ජයවර්ධන මීටර් 15.91ක දුරක් විසිකරමින්ද, දුර පැනීම පිරිමි ඉසව්වේදී විදුලි හා යාන්ත්‍රණික ඉන්ජිනේරු බලකායේ ගේ‍ර්ෂන් ධනංජය මීටර් 7.78ක දක්‍ෂතාවක් සටහන් කරමින්ද, මීටර් 10,000 පිරිමි ඉසව්වේදී විදුලි හා යාන්ත්‍රණික ඉන්ජිනේරු බළකායේ චන්දික ජයසිංහ වි:47:16.73ක කාලයක් සටහන් කරමින් නව තරග වාර්තා එක්කර තිබිණි.

තවද මීටර් 100 කාන්තා තරගයේදී 3 වැනි කාන්තා බලකායේ එම්.ජී.ආර්.එස්. ෆර්ඩිනැන්ඩස් තත්.12.23ක කාලයක් සටහන් කරමින්ද, මීටර් 800 කාන්තා තරගයේදී 4 වැනි කාන්තා බළකායේ චම්පිකා දිල්රුක්‍ෂි වි:2:10.75කින් තරගය අවසන් කරමින්ද, මීටර් 100 කඩුලු මතින් පැන දිවීමේ ඉසව්වේදී 2 වැනි කාන්තා බළකායේ ලක්‍ෂිකා සුගන්ධි තත්. 14.58ක කාලයක් සටහන් කරමින්ද, මීටර් 10,000 තරගයේදී 6 වැනි කාන්තා බළකායේ වී.කේ. මධුරිකා වි:51:25.63ක කාලයක් වාර්තා කරමින්ද, තුන් පිම්ම කාන්තා තරගයේදී 6 වැනි කාන්තා බළකායේ විදූෂා ලක්‍ෂානි මීටර් 12.76ක පිම්මක් සටහන් කරමින්ද මෙම නව වාර්තා ගොන්නට ඇතුළත් සෙසු ක්‍රීඩිකාවෝ බවට පත්වූහ.

ඡායාරූපය _ වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon