ඉඩෝරයෙන් කොත්මලේ කඩ‍ෙදාර වෙහෙර මතුවෙයි

  👤  4160 readers have read this article !
By mawbima 2018-02-23

නවතිස්පනේ - ඩී. එම්.ඩී. සිසිර

අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ජලයෙන් යට වූ පැරැණි විහාර නටබුන් මතු වී ඇත. ඒ අතරින් කඩ‍ෙදාර විහාරස්ථානයේ විහාර නටබුන් යළිත් මතු වී ඇත.

මේ වන විට කොත්මලේ ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වි තිබේ. ජලයෙන් මතු වූ කඩ‍ෙදාර විහාරස්ථානය බැලීමට දිවයිනේ නන් දෙසින් ජනතාව පැමිණෙමින් සිටී. ඊට අමතරව කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ජලයෙන් යට වූ තිස්පනේ විහාරස්ථානයේ නටබුන් ද මතු වී ඇත.

ජලයෙන් මතු වී ඇති විහාරස්ථානය අවට දැඩි ලෙස මඩවලින් ගහනවී ඇති අතර එරෙන සුලුය. එමෙන්ම දියට බැසීමෙන් වැළකීමට විහාරස්ථානයේ නැරැඹීමට පැමිණෙන ජනතාව වගබලා ගතයුතුය. කඩ‍ෙදාර විහාරස්ථානය අවට ජලාශ ප්‍රදේශය අධික ලෙස ගැඹුරු බවත් දියනෑමට නරඹන්නන් කටයුතු කරන අතර එයින් යම් ජීවිත හානි සිදු වීමට හැකි බවත් මහවැලි අධිකාරියේ කොත්මලේ ජලාශය භාර ප්‍රධාන ඉන්ජිනේරු ඩබ්ලිව්. ඒ. චන්ද්‍රතිලක මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon