අහිංසක දෙමළ ජනතාවට චෝදනා කරන්න එපා

  👤  4136 readers have read this article !
By mawbima 2018-02-23

ලක්‍ෂ්මී ජයකොඩි

කහගොල්ලේදී බස් රථයක් ගිනි ගැනීමෙන් මගීන් 17 දෙනකු බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් මෙන්ම මාධ්‍ය ප්‍රකාශ හා පුවත් පළ කිරීමේදී ඉතා වගකීමෙන් කටයුතු කරන්නැයි ඊ.පී.ඩී.පී. නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහතා ඉල්ලීමක් කරයි.
මේ සිදුවීම පිළිබඳව තමා ඉතා ශෝකයට පත්වන බව සඳහන් කරන ඒ මහතා මේ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකොට සත්‍ය හෙළිදරව් කළ යුතුව ඇති බවද කියයි.

එසේම මාධ්‍ය බලධාරීන් දේශපාලනඥයන් මේ සිදුවීම පිළිබඳව කරුණු දැක්වීමේදී එය ජාතික සංහිඳියාවට බලපෑම් නොවන අයුරින් සිදු කරන්නැයිද මන්ත්‍රිවරයා ඉල්ලා සිටී.
මේ පිළිබඳව මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මේ සිදුවීම නිසා ඇතැමුන් අහිංසක දෙමළ ජනතාවට විවිධ චෝදනා එල්ලකොට ඇති බවත් එසේ නොවන පරිදි කටයුතු කිරීම සැමගේ යුතුකම බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon