යුද හමුදාවෙන් විශේෂ පරීක්ෂණයක් කරනවා

  👤  3837 readers have read this article !
By mawbima 2018-02-22

දියතලාවේදී අත්බෝම්බයක් බස් රථයක් තුළ පුපුරා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 'මව්බිම'ට පැවැසීය.

ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවත් තුවාල වූවන් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේද සාමාජිකයන් කිහිපදෙනකු සිටින නිසා මෙම පරීක්ෂණය සිදු කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

යුද හමුදා පොලිසියට අමතරව යුද හමුදා මූලස්ථානයෙන්ද මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon