පිපුරුවේ අත් බෝම්බයක්

  👤  3553 readers have read this article !
By mawbima 2018-02-22

දියතලාව කහගොල්ල අසලදී බස් රථයක මගියකුගේ ගමන් මල්ලක තිබූ 'ගේ‍රනේඩයක්' පිපිරී ඇති බව යුද හමුදාපතිවරයා තමාට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) සවස පැවැසුවේය.

එම පිපිරීමේ සිද්ධියට අදාළ සෝදිසි අවසන් වී නැති බවද අගමැතිවරයා කීවේය.
අගමැතිවරයා එසේ කීවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා රීති ප්‍රශ්නයක් මතු කරමින් නඟන ලද කාලීන පැනයකට පිළිතුරු දෙමිනි.
යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළ බස්රථයක දියතලාව ආසන්නයේ පිපිරීමක් සිදුවීම නිසා එහි ගමන් කළ ජනතාව විශාල අනතුරකට මුහුණ පා ඇති බවත් එහි හමුදා හා ගුවන් හමුදා භටයන්ද ගමන් කර තිබෙන බවත් පැවැසූ මන්ත්‍රිවරයා රජය වහාම ප්‍රකාශයක් කර කරුණු පැහැදිලි කළ යුතු බවත් පැවැසීය.
ඒ අනුව අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් පසු නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක,

මූලික පරීක්ෂණ සිදු කෙරෙනවා. මගියකුගේ ගමන් මල්ලක තිබූ ගේ‍රනේඩයක් පිපිරී එහෙම දෙයක් වූ බවයි දැනට ලැබී ඇති තොරතුරුවලින් කියන්නෙ. රජයේ රස පරීක්ෂක සිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon