ඉන්දීය ධීවරයන් 109ක් ඉන්දියාවට බාරදෙද්දී ලංකා ධීවරයෝ 6ක් නිදහස් කෙරෙතිි

  👤  3466 readers have read this article !
By mawbima 2018-02-22

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් 109 දෙනකු හා ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලංකා ධීවරයන් 6 දෙනකු නිදහස් කොට යාපනය කන්කසන්තුරෙයි මුහුදේදී හුවමාරු කරගැනීම පෙරේදා (20දා) සවස සිදු විය.

කන්කසන්තුරෙයි මුහුදු සීමාවට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී මේ ධීවරයන් භාරදීමේ කටයුතු සිදු වූ අතර එම කාර්ය සඳහා නාවික හමුදාවේ වේග ප්‍රහාර මුර යාත්‍රාවන් වන එඩිතර හා ප්‍රතාප යන යාත්‍රාද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සී.ජී. 409 යන වේග ප්‍රහාරක යාත්‍රාවද එක් විය. මෙරට අත්අඩංගුවට පත්ව නිදහස් වූ ඉන්දීය ධීවරයන් පිරිස නාවික හමුදාව විසින් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අතුල්යා සහ රානිදුර්ගාවතී යන නෞකා වෙතට භාරදීමට කටයුතු කළ අතර ඉන්දියාවෙන් නිදහස ලබා නාවික හමුදාව වෙත භාරදුන් ධීවරයන් පිරිස කන්කසන්තුරෙයි නාවික හමුදා උත්තර ආයතනය වෙතට රැගෙන ඒමෙන් පසුව යාපනය සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙතට භාරදීමට නාවික හමුදා නිලධාරීන් විසින් කටයුතු කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon