කැබිනට් එක හෙට වෙනස් වෙයිද?

  👤  3960 readers have read this article !
By mawbima 2018-02-21

ජාතික ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය හෙට (22දා) දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙහිදී පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුනොවන අතර අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ විෂයයන් පමණක් සංශෝධනයට ලක්කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව නීතිය හා සාමය, මහාමාර්ග, මුදල්, ධීවර හා ජලජ සම්පත්, විද්‍යා හා තාක්ෂණ, ක්‍රීඩා සහ කෘෂිකර්ම යන අමාත්‍යවරුන්ගේ සංශෝධනයක් සිදුකෙරෙන බවත් එහිදී ප්‍රධාන පක්ෂ දෙක අතර මෙම සංශෝධනය සිදුනොවී අදාළ අමාත්‍ය ධුරය දරන අමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය තුළම එම සංශෝධනය සිදුකෙරෙන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon