කියන තරම් යකා කළු නෑ: ලිච්ඡවි න්‍යායට වැඩේ යනවා

  👤  4138 readers have read this article !
By mawbima 2018-02-21

සවනි ශේෂාධි

ආණ්ඩුවේ අර්බුදයක් ඇතැයි මවා පාන යකා කියන තරම් කළු නැති බවත් සාකච්ඡාවෙන් සම්මුතියෙන් ලිච්ඡවි න්‍යායට වැඩ කටයුතු කෙරීගෙන යන බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා පවසයි.

ජනාධිපතිවරයා හා ඊයේ (20දා) පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණෙමින් සිටි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී මේ බව පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවැසීය.
මාධ්‍යවේදීන් - ආණ්ඩුවේ අර්බුදයට මොකද වෙන්නේ?
ඔබලා දකින තරම් අර්බුදයක්වත් කියන තරම් යකා කළුත් නැහැ. අර්බුදයක් නැහැ. සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සම්මුතියෙන් ලිච්ඡවි න්‍යායට වැඩේ යනවා.
අගැමැතිතුමා එක්ක දිගටම දීග කන්නද ලෑස්තිය?

නෑ. නෑ. අගමැතිතුමා එක්ක අපි දීග කන්නේ නැහැනේ. අපි සම්මුතිවාදී රජයක් නේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සම්මුතිවාදී රජයක්. අපිට හොඳ කනේ පාරක් වැදිලා තියෙනවා. අපේ වැඩපිළිවෙළ වෙනස් කරලා මේ රටේ දුගී දුප්පත් ජනතාවට සහන සලසන රජයක් හැටියට අපි මේක ඉදිරියට පවත්වාගෙන යනවා, ගමේ ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරන්න. ඒ බලපෑම ශ්‍රීලනිපය හැටියට අපි කරනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් බොහෝ දෙනා ඊට එකඟ වෙමින් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ කටයුතු ඉදිරියට කරගෙන යනවා.

ජනාධිපතිතුමා මොනවගේ උපදෙස් ද දුන්නේ ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම ගැන?
ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් කතා කළේ නැහැ. ආණ්ඩුව තියෙනවානේ. ඉදිරියට ගෙන යෑම ගැන කැබිනට් රැස්වීම් තියනකොට තේරෙනවානේ. ගලන ගඟ පෙරටම ගලා යයි.
ඡායා - නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon