වාර්තාව දෙමළෙන් නැතිව සුමන්තිරන්ගේ විරෝධය

  👤  3841 readers have read this article !
By mawbima 2018-02-21

බරපතළ වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව දෙමළ භාෂාවෙන් මුද්‍රණය කර ලබා නොදුන් බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ඇම්. සුමන්තිරන් විරෝධය පළ කිරීම නිසා ඒ පිළිබඳ විවාදය අත්හිටුවූ කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු රැස්වීම කල් තැබුවේය.

එම වාර්තාව දෙමළ භාෂාවෙන් ලබාදීමට නොහැකිවීම ගැන සිය කනගාටුව පළ කළ කතානායකවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන බව පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන

එම වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදී තිබෙනවා. ඒ නිසා විවාදය පවත්වාගෙන යෑමට පුළුවන්.
එම්. සුමන්තිරන්
දෙමළ භාෂාවෙන් වාර්තාව අවශ්‍යයි. දෙමළ භාෂාවෙන් එම වාර්තාව ලබා නොදෙන්නේ නම් අපි විවාදයට සහභාගිවන්නේ නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon