ජනතාවට සහන දෙන්න ශ්‍රී ලනිප එජාප පොරයක්

  👤  3811 readers have read this article !
By mawbima 2018-02-21

දෙනගම ධම්මික රණවීර

ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා වන යෝජනා එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට වෙන වෙනම ඉදිරිපත් කිරීමට ඊයේ (20දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කොට තිබේ.

එලෙස ලබා ගන්නා යෝජනා කඩිනමින් ක්‍රියාවට නැඟීමේ අවශ්‍යතාව ද මෙහිදී ඇමැතිවරුන් විසින් පෙන්වා දී තිබේ. අදාළ යෝජනා ශ්‍රීලනිප වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද, එජාපය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද ඉදිරිපත් කරනු ඇතැයිද කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.

කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. ඊට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බොහෝ ඇමැතිවරුන් සහභාගිවී තිබේ. එහෙත් දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම්ජයන්ත් යන ඇමැතිවරුන් සහභාගි වී නැතැයි වාර්තා විය. විදේශගතවීම නිසා තමන්ට සහභාගි වීමට නොහැකි බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබුණේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon