ලංකාවේ හිටපු බේලිස්ට විස්සයි-20 තිත්ත වෙයි

  👤  3793 readers have read this article !
By mawbima 2018-02-21

එංගලන්තය, නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්තයට නොහැකි වූ අතර, මෙම පරාජයෙන් වඩාත් වියරු වැටී සිටින එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවල් බේලිස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ විස්සයි-20 ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් රාමුවෙන් ඉවත් කළ යුතු බවය. 2007 වසරේ සිට 2011 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙබවූ බේලිස් ඉන් අනතුරුව 2015 වසරේ මැයි මාසයේ සිට එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දරනු ලබයි.

"විස්සයි-20 තරග දේශීය ක්‍රිකට් රාමුව ඇතුළේ පමණක් ක්‍රීඩා කරනවා නම් හොඳයි. ඒ කියන්නේ අයි.පී.එල්., බිග් බෑෂ්, සී.පී.එල්. වගේ තරගාවලි පැවැත්වුණාට කමක් නැහැ. ඒත් ජාත්‍යන්තර තරග ලෙස එය පැවැත්වීම තුළින් ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන්ටත් මානසික ආතතිය වැඩි කරලීමට සමත් වේවි. මම නම් විස්සයි-20 සෙල්ලම් කරන්නේ නැහැ. ඔය ක්‍රීඩාවට සහයෝගය දෙන ව්‍යාපාරිකයන්ටම ඕක කරගන්න වේවි" යනුවෙන්ද පැවැසූ එංගලන්ත පුහුණුකරුවා මෙම ක්‍රීඩාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන වර්ෂයට පමණක් සීමා කළ යුතු බවද පෙන්වා දී තිබේ. කෙසේ වුවත් මෙයට වෙනස් මතයක් දරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ විධායක සභාපති ටෝනි අයිරිස් සඳහන් කරන්නේ විස්සයි-20 ක්‍රීඩාව ජාත්‍යන්තර පිටියෙන් ඉවත් කළහොත් එය ක්‍රීඩකයන්ගේ ආදායමට විශාල බලපෑමක් කරනු ඇති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon