මුඛයේ ආබාධයකින් නිකවැරටියේ වල් අලියෙක් මියගිහින්

  👤  3941 readers have read this article !
By mawbima 2018-02-21

රඹාවැව - කේ.ඒ. ජයසූරිය

නිකවැරටිය - මාවතගම ප්‍රදේශයේදී ඊයේ (20දා) පෙරවරුවේ වල් අලියකු මියගොස් ඇතැයි නිකවැරටිය වනජීවී කාර්යාලය පැවැසීය.
මේ වල් අලියාගේ මුඛයේ ඇතිවූ ආබාධයක් නිසා දින ගණනක් ආහාර ගෙන නැත. දින හතරකට පෙර වනජීවී නිලධාරීන්ට මේ වල් අලියා හමුවී ඇත. එදා සිට වයඹ හා උතුරු මැද පළාත් භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් හස්තියාව ප්‍රතිකාර ලබාදී ඇත. එහෙත් 20 වැනි දින පෙරවරුවේ තත්ත්වය අසාධ්‍ය වී මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon