හබරාදූව බෝගහගොඩ ටයර් කම්හල වසන්නැයි ප්‍රදේශවාසී උද්ඝෝෂණයක

  👤  3817 readers have read this article !
By mawbima 2018-02-21

අහංගම - එන්.ජී. ලියනගේ

ප්‍රදේශවාසීන්ගේ සහ පාසල් දරුවන් පිරිසකගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී ඇති හබරාදුව බෝගහගොඩ පිහිටි පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස ඉල්ලා බෝගහගොඩ ප්‍රදේශවාසීන් පිරිසක් කොග්ගල පිහිටිි මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාල භූමියේදී ඊයේ (20දා) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
මේ ටයර් කම්හල නිසා බෝගහගොඩ ‍ෙදාරපේ ඇතුළු අවට ප්‍රදේශ කීපයක වැසියන් විශාල පිරිසක් පිළිකා රෝගයට ගොදුරුවී ඇති බවත් එමෙන්ම ‍ෙදාරපේ මහ විදුහලේ සිසුන් නිතර නිතර ක්ලාන්තය සැදී ඇද වැටෙන බවත් උද්ඝෝෂකයෝ මාධ්‍යට පැවැසූහ.

පරිසර අධිකාරිය මුදලට යට වෙලාද? පිළිකාකාරක අපේ දරුවන්ට මරු කැඳවයි, පාලකයන් මර නින්දේ, ගම්වැසියන් මහ පාරේ, පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂකයෝ පරිසර අධිකාරි කාර්යාලයේ පිවිසුම් ‍ෙදාරටුව ළඟටම පැමිණියහ.

එවිට හබරාදුව පොලිසියේ නිලධාරීන් පිරිසක් ‍ෙදාරටුව ඉදිරිපිට ආරක්ෂාවට රැඳී සිටියහ. එම අවස්ථාවේ මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරියක් උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡාවක් පවත්වා නැවත අද (21දා) උද්ඝෝෂකයන් පිරිසක් සමඟ මේ පිළිබඳ සාකච්ඡාවක් කරන බව දැනුම් දීමෙන් පසු උද්ඝෝෂණය නතර කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon