පළාත් පාලන සංශෝධන පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ පස්ස ‍ෙදාරෙන්

  👤  3948 readers have read this article !
By mawbima 2018-02-21

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පත්වූ සභිකයන් සංඛ්‍යාව 45%කින් පමණ වැඩි වී ඇත්තේ මැතිවරණ ක්‍රමයේ වෙනස නිසා බවත්, කාන්තා නියෝජනයේ වැඩිවීම නිසා සභිකයන් වැඩිවී ඇතැයි ඇතැමුන් පවසනවා නම් එය පට්ටපල් බොරුවක් බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කළේ දේශපාලන අරමුණකින් බවත් එහි කිසිදු ජාතික වුවමනාවක් නොතිබුණු බවත් තෙන්නකෝන් මහතා පැවැසීය.
කීර්ති තෙන්නකෝන් මහතා මේ බව පැවැසුවේ ඊයේ (20දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ මහතා මෙසේද පැවැසීය.

කාන්තා නියෝජනය වැඩි වූ නිසා නොවේ පළාත් පාලන ආයතවල නියෝජිතයන් සංඛ්‍යාව වැඩිවෙලා තිබෙන්නේ. පළාත් පාලන ආයතන ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී

අපට පෙනෙන්නට තිබෙන්නේ කුඩා
පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට ඉතිහාසයේ ලැබුණු වැඩිම සභික ධුර සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. සමහරු කියනවා මේ තත්ත්වය හොඳ දෙයක් නොවේ කියලා. ඇත්තටම එහෙම කියන එක වැරැදියි. මැතිවරණ කොමිසමට හෝ දේශපාලන පක්ෂ නායකයන්ට තිබුණු මැතිවරණය සංශෝධනය කිරීමට හෝ එහෙම යෝජනාවක් ගේන්නවත් බැහැ. නීතිය අනුව මෙම පළාත් පාලන ආයතන ස්ථාපිත කළ යුතුයි. කාන්තා නියෝජනය පිළිබඳ කුමන හෝ ප්‍රශ්නයක් නැති තැන තමයි මහරගම නගර සභාව. පොහොට්ටුව පක්ෂයේ නාම යෝජනාව

ප්‍රතික්ෂේප වුණහම බයිසිකලය ලකුණින් අදාළ කණ්ඩායම තරග කරලා ජයග්‍රහණය කළා. ඔවුන්ගේ ලැයිස්තුවේ 18 දෙනෙක් ඉන්නවා. සභික ධුර පත්වීමේ ක්‍රියාවලියෙන්ම 25% සම්පූර්ණ වී තිබෙනවා. අනෙක් පක්ෂවලට එතකොට පීඩනයක් නැහැ.

මහරගම සභිකයන් තෝරා පත්වීම සහ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට මේ ජයග්‍රාහී අපේක්ෂකයන් කිහිපදෙනෙක් කතා කරලා අපෙන් සහයෝගය ඉල්ලුවා මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න පුළුවන්ද කියලා. නමුත් මීට කලින් එහෙම මැදිහත් වීමක් කරලා නැහැ අපේ සංවිධානය. හැබැයි අපි කැමැති වුණත් අකැමැති වුණත් ඔවුන්ට ඡන්දය දීලා තිබෙනවා ජනතාව. ලංකාවේ මැතිවරණ නීතිය අනුව ඔවුන් තේරී පත්වෙච්ච ජනතා නියෝජිතයන්. ඔවුන්ට ඉල්ලා අස්වීමේ ක්‍රියාවලියක් සිදුකරනවා නම් ඒක ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

අපි බලාපොරොත්තු වූ ආසන ගණනට වැඩිය සභිකයන් 371 දෙනෙක් එල්ලෙන ආසන සඳහා තේරී තිබෙනවා. එහි වැඩිම සභික සංඛ්‍යාව වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

පෙරේදා (19දා) සීමා නිර්ණය පිළිබඳව ජනාධිපතිවරයා පත්කරපු පංචපුද්ගල කමිටුව ඔවුන්ගේ වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයට භාරදීලා තිබෙනවා. මේ ක්‍රියාවලියේ ඊළඟ නෛතික පැත්ත තමයි පාර්ලිමේන්තුවට එම වාර්තාව ඉදිරිපත් කරමින් තීරණයක් ලබාගැනීම.

සර්වපාක්ෂික කමිටුවක් මඟින් අදහස් ලබාගැනීමක් සිදුවිය යුතුයි. ඒ සඳහා මේ වාර්තාව තාක්ෂණික දැනුමක් ඇති පුද්ගලයන් අතට පත්කළ යුතුයි.
මේ සංශෝධනය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් පාර්ලිමේන්තුවට පස්ස ‍ෙදාරින් ගෙනාවේ. මේ ක්‍රියාවලිය ලංකා පාර්ලිමේන්තුවේ සිදුකරපු අතිශය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියක්.

එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහෙම කරන්න සිදුවුණේ ඡන්දයට තිබුණු බිය නිසයි. මැතිවරණවලට තිබුණු බිය නිසයි කාන්තා නියෝජනයක් ඇතුළත් කරලා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළේ.මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන විට අග්‍රාමාත්‍යවරයා සහ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා කිව්වේ මොකක්ද 2018 අප්‍රේල් මාසයේදී පළාත් සභා ඡන්දය පවත්වනවා කිව්වා. නමුත් දැන් ලැබෙන තොරතුරුවලට අනුව පළාත් පාලන මැතිවරණයට සිදුකළ ව්‍යසනයම ඒ කියන්නේ ඡන්දය කල්දැමීම ක්‍රියාත්මක වීමට තිබෙන ඉඩකඩ ඉතා විශාලයි. එය නීත්‍යනුකූල නොවන දෙයක්.

පළාත් පාලන මැතිවරණයේදී මෙම ප්‍රතිඵලය එන්න ඇතිවුණු එක හේතුවක් තමයි අවුරුදු 2 1/2ක් ඡන්දය කල් දැමීම. එහි ප්‍රතිඵල එය සිදුකළ පුද්ගලයන්ටම හමුවෙලා තිබෙනවා.

පළාත් සභා ඡන්දය කල් දැම්මොත් ඒ ප්‍රතිඵලත් මේ දේශපාලන පක්ෂවලට විඳින්නට වෙයි. ඡන්ද කල් දාන්න උත්සාහ කළොත් අපි එයට විරුද්ධව අපිට කළ හැකි දේ කරනවා.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon